- ඇමැති පාඨලී චම්පික රණවක
ත්‍රස්තවාදී පීඩා නිසා ප්‍රදේශය හැරගිය වවුනියාව දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචිකිරීමේදී ඔවුනට නොමිලේ විදුලිය ලබාදෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
උතුරු පළාතේ සංචාරයක නිරතවෙමින් ඇමැතිවරයා මේ බව කීය.
තිස් වසරක යුද්ධයෙන් පීඩා විඳි උතුරු පළාත් ජනතාවට විදුලියේ හිමිකම් ලබාදී, ඔවුන්ගේ අනාගත සංවර්ධන කාර්යයට පහසුකම් සලසා දීමේ අරමුණ පෙරදැරිව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උතුරු පළාත් සංචාරයේ පළමු පියවර පෙරේදා (5 දා) මන්නාරම් දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.
මන්නාරම් දිස්ත්‍රික්කය තුළ පවතින ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් ලබාදීම සඳහාත්, පවතින විදුලි සේවයේ ගැටලු පිළිබඳවත් පළාත් දේශපාලන අධිකාරිය සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, මන්නාරමට නව විදුලි ඉංජිනේරු කාර්යාලයක් ලබාදීමට පොරොන්දු විය. එමගින් මන්නාරම දිස්ත්‍රික්කයේ මෙතෙක් විදුලිය නොලද පවුල් වෙනුවෙන් නව විදුලි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේ පහසුව වර්ධනය වේ.
මන්නාරම් දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වූ කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂDඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේ නව විදුලිබල අමාත්‍යවරයාගේ පැමිණීමත් සමග වන්නි ප්‍රදේශයේ වංචනික විදුලි පරිභෝජන 100% කින් තුරන්වූ බවත්, ප්‍රදේශයේ ජනතාවට කඩිනමින් විදුලියේ අයිතිය ලබාදීම වෙනුවෙන් ලංවීම සේවකයන් කාර්යක්ෂමව ක්‍රියාකරන බවත්ය.
මන්නාරම් කච්ෙච්රියේදී පැවැත්වූ මෙම සාකච්ඡාව සඳහා මන්නාරම මහ දිසාපති ඡේ. ඒ. සරත් රවීන්ද්‍ර, උනේෂ් µdරුක්, මුත්තල් බබා µdරුක් හා චන්ද්‍ර කුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ලංවීම නියෝජනය කරමින් අතිරේක සාමාන්‍යාධිකාරි (කලාප 01) රංජිත් ගුණවර්ධන, ලංවීම උතුරු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.
රුපියල් මිලියන 12 ක වියදමින් ඉදිකළ කායන්කුලම් විදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කිරීමද මෙහිදී සිදුකෙරිණි.
දැනට 75% ක් ව පවතින වවුනියා දිස්ත්‍රික්කයේ විදුලියනය, වසර 2012 අවසන් වන විට 100% දක්වා වර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 20 ක වියදමින් කල්මඩු විදුලි යෝජනා ක්‍රමයත්, රුපියල් මිලියන 9.8 ක වියදමින් ඊශ්වරිපුරම් විදුලි යෝජනා ක්‍රමයත්, රුපියල් මිලියන 09 ක වියදමින් නාම්පන්කුලම් විදුලි යෝජනා ක්‍රමයත් ඇමැතිවරයා අතින් විවෘත කෙරිණි. මෙම ව්‍යාපෘතීන් ඉදිවීම තුළින් බිහිවූ සමස්ත ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 520 කි.
http://www.divaina.com/2012/02/07/news13.html
No comments:
Post a Comment