Wednesday, February 8, 2012

අධික මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන් 6ක් දැයට කිරුළේදී වැඩ වරද්දාගනී

ධනුෂ්ක ගොඩකුඹුර, ගාමිණී ජයසිංහ සහ අමිල ප්‍රභාත් වනසිංහ ඔයාමඩුව සිට...

පාලන මිල නොසළකා හරිමින් අධික මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන් හය දෙනකු දැයට කිරුළ ප්‍රදර්ශන භූමිය හා අවට ප්‍රදේශවලදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රදර්ශන භූමිය තුළ වෙළෙඳාම් කළ එක් අයකු හා භූමියෙන් පිටත වෙළෙඳුන් පස් දෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව එම අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධානී ගුණදාස ලංකාපුර මහතා පැවසීය.

මෙවැනි ක්‍රියාවන් වැළක්වීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාළ නිලධාරීන්ට නියෝග කර ඇත. ප්‍රදර්ශනය නැරැඹීමට එන ජනතාවගේ පහසුව තකා වෙළෙඳ සැල් විශාල ප්‍රමාණයක්

ප්‍රදර්ශන භූමිය තුළ හා පිටත ස්ථාපිත කර ඇති අතර සංචාරක වෙළෙඳුන්ට ද වෙළෙඳාම් කිරීමට අවසර ලබා දී ඇත. ඇතැම් වෙළෙඳුනගේ කූට වෙළෙඳාම් නැවැත්වීම පිණිස පාරිභෝගික අධිකාරිය නිලධාරීන් දස දෙනකු යොදවා සියලු වෙළෙඳ සැල් නිරීක්ෂණය කරයි.


http://www.dinamina.lk/2012/02/08/_art.asp?fn=n1202087

No comments:

Post a Comment