ආරියපාල වංශතිලක
කුරුණෑගල මධ්‍යම විශේෂ
ඩෙංගු මදුරුවන් බෝ වීමට ඉඩහැර තිබූ සිවුදෙනෙකුට එක් අයකුට රුපියල් 2500 බැගින් දඩ මුදල් ගෙවන ලෙසට කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් තිලකරත්න බණ්ඩාර මහතා නියමකරන ලදී. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත ජයවීර මහතාය.
ඩෙංගු මදුරු උවදුර ගැන ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩමුළු කීපයක් පවත්වා නිවෙස් හිමියන්ට තම නිවෙස් පිරිසුදුවට තබා ගන්නා ලෙසට උපදෙස් දුන්නත් මේ පිරිස ඒ කිසිවක් පිළිගන්නේ නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීවේය. කුරුණෑගල නගර සභා සෞඛ්‍ය ඒකකයේ නිශාන්ත ජයවීර, ගුණතිලක, එස්. බී. හේරත්, මංජුල අමරකෝන් සහ චන්දිම රත්නායක යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කුරුණෑගල කුඩාගල්ගමුවේදී මේ වැටලීම සිදුකරන ලදී.
http://www.dinamina.lk/2012/02/08/_art.asp?fn=r1202082
No comments:
Post a Comment