හාරිස්පත්තුව මධ්‍යම විශේෂ - ගාමිණි බී. දිසානායක
කටුගස්තොට පොලිසියේ පරිසර අංශය 2011 වසරේ දී පරිසර නීති කැඩූ පුද්ගලයන් 34 කට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා රුපියල් එකළොස් ලක්ෂ හතලිස් හත්දාස් දෙසීයක දඩ මුදලක් රජයට අයකර දීමට සමත් වී ඇත.
අධිකරණයේ නඩු පවරා ඇත්තේ පදිංචි පරිසරය තුළ මදුරු කීටයන් බෝවීමට ඉඩදීම, වැසිකිළි සහ කැසිකිළිවල ගලා යන අපද්‍රව්‍ය ප්‍රසිද්ධ කානු සහ ඇළමාර්ගවලට ගලායාමට සැලැස්වීම, මහාමාර්ගයට කුණු කසළ දැමීම, අනවසර වැලිගොඩ දැමීම සහ ප්‍රවාහනය කිරීම, දැව කොටන් සහ ගල් වැලි ගොඩ ගසා ප්‍රසිද්ධ මාර්ග අවහිර කිරීම, පදිකවේදිකාව අවහිර කරමින් වෙළෙඳාම් සිදුකිරීම යන චෝදනා යටතේය.
වැටලීම් සිදුකොට ඇත්තේ කටුගස්තොට පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර, පො.සැ. 24538 විමලරත්න, පො.සැ. 4828 නිමල්, පො.කො.කො. 47099 තිලකරත්න, 56567 සිසිර සහ 48436 පේමකුමාර නිලධාරින් විසිනි.
http://www.dinamina.lk/2012/02/08/_art.asp?fn=r1202089
No comments:
Post a Comment