Wednesday, February 1, 2012

තෙල් බවුසර් අලුතින් ලියාපදිංචිය වහාම නතර කෙරේ

ශිරාන් රණසිංහ

රට පුරා ඉන්ධන බෙදා හැරීමට දැනට ලියාපදිංචි කර තිබෙන බවුසර් ප්‍රමාණවත් බැවින් තෙල් බවුසර් අලුතින් ලියාපදිංචිය වහාම නතර කිරීමට ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය (සී.පී.එස්‌.ටී.එල්.) තීරණය කර තිබේ.

ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේම් ජයන්ත මහතා සහ පෞද්ගලික තෙල් ටැංකි හිමියන්ගේ සංගමය සමග ඊයේ (31 වැනිදා) අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය කර ඇත.

ඉන්ධන ටැංකි තුන්සිය පනහක්‌ පමණ දැනට ලියාපදිංචිය ලබා තිබෙන අතර දිනකට තෙල් ටැංකි (බවුසර්) එකසිය පනහකින් පමණ තෙල් රට පුරා බෙදා හැරේ.

පසුගිය කාලයේ දී ඉන්ධනවලට භූමිතෙල් කළවම් කිරීම ඇතුළු අක්‍රමිකතා සිදුවූ බවත් එවැනි කටයුතුවලට සම්බන්ධ වුවහොත් අදාළ තෙල් ටැංකි (බවුසර්) වල ලියාපදිංචිය අවලංගු කරන බවත් සාකච්ඡාවට එක්‌වූ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි (සී.පී.එස්‌.ටී.එල්) සභාපති මේජර් ජනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා මහතා පවසා තිබේ.


http://www.divaina.com/2012/02/01/news19.html

No comments:

Post a Comment