Wednesday, February 1, 2012

කොළඹ - කටුනායක අධිවේගී පාරේ ඉදි කිරීම් සියයට 53 ක්‌ අවසන්

- නි. ඇමැති නිර්මල කොතලාවල

ප්‍රියදර්ශන ලියනගේ

ලංකාවේ දෙවැනි අධිවේගී මහා මාර්ගය වන කටුනායක - කොළඹ අධිවේගී මහා මාර්ගයේ මූලික ඉදිකිරීම් කටයුතු වලින් 53% කට අධික ප්‍රමාණයක්‌ රජය මේ වන විට සාර්ථකව අවසන් කර ඇතැයි වරාය සහ මහා මාර්ග නියෝජ්‍ය ආමාත්‍ය නිර්මල කොතලාවල මහතා "දිවයින"ට ඊයේ (30 දා) පැවැසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ නියෝජ්‍ය ඇමැතිවරයා කටුනායක- කොළඹ අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් පසු පසු කොළඹ සිට කටුනායකට විනාඩි 20 ක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ ගමන් කිරීමේ අවස්‌ථාව උදාවෙනවා.

නව කැලණි පාලම අසලින් ආරම්භ වන කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය අවසන් වන්නේ කටුනායක ගුවන් තොටුපොළ අසල පිහිටි එයාර් පෝට්‌ මංසන්ධියෙනි. කටුනායක- කොළඹ අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ විශාල ප්‍රමාණයේ පාලම් 42 ක්‌ සහ විශාල ප්‍රමාණයේ බෝක්‌කු 102 ක්‌ ඉදි කරනවා. මේ වන විට පාලම් 32 ක්‌ බෝක්‌කු 88 ක්‌ ඉදිකර අවසන්. මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර හෝ 2013 වසර ආරම්භයේදී මෙහි සියලු වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කිරීම අරමුණයි.


http://www.divaina.com/2012/02/01/news16.html

No comments:

Post a Comment