Wednesday, February 1, 2012

ගුරු මාරු අත්හිටුවයි

නිලන්ත මදුරාවල

වහාම ක්‍රියාත්මක වන පරිදි ගුරු මාරුවීම් අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ගුරු මාරු මණ්‌ඩලවලට අයත් සාමාජිකයන්ගේ හිතවත් ගුරුවරුන් පමණක්‌ පාසල්වලින් නිදහස්‌ කර ගැනීමට කටයුතු කර ඇතැයි ද එලෙස නිදහස්‌ කර ඇත්තේ සාධාරණ හේතු සාධක මත ද යන්න ගැටලුවක්‌ හෙයින් ගුරු මාරු අත්හිටුවීමට පියවර ගත් බවද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එච්. එම්. ගුණසේකර මහතා පැවසීය. මාරු මණ්‌ඩල ක්‍රමවත්ව ක්‍රියාත්මක නොවන බව ද ඒ මහතා සඳහන් කළේය.


http://www.divaina.com/2012/02/01/news07.html

No comments:

Post a Comment