Saturday, February 18, 2012

මාර්ග අනතුරු වැළැක්වීමට පාසල් සීරුවෙන්

තාරක වික්‍රමසේකර

මාර්ග අනතුරු අවම කර එමඟින් ජීවිත රැක ගැනීම සඳහා පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ අරමුණින් ‘අනතුරු නිවාරණ ඒකක’ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා පවසයි.

මෙහි ආරම්භක පියවර ලෙස බස්නාහිර පළාත් පාසල් 1063 ක් සහ ජාතික පාසල් 64 ක මෙම අනතුරු නිවාරණ ඒකක පිහිටුවනු ලැබේ.

මාර්ග ආරක්ෂණ අධිකාරියත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ව ආරම්භ කරනු ලබන මෙම ඒකක සඳහා පාසල් රිය නියාමක සිසුන්ගේ සහාය ලබා ගැනෙන අතර මෙමඟින් පාසල් සිසුන්ගේ ආරක්ෂාව උදෙසා සිසුන් දැනුම්වත් කෙරේ.

එමඟින් මාර්ග අනතුරු අවම කර ගැනීමට හැකි වෙතැයි අපේත්ෂා කරන අතර මාර්ග අනතුරු සඳහා ප්‍රධානම හේතුවක් වී ඇත්තේ රියැදුරන්ගේ නොසැලකිල්ල මෙන් ම මාර්ග අනතුරු සම්බන්ධව බොහෝ දෙනකුට නිසි අවබෝධයක් නොමැති බව යැයි ද පැවසෙයි.

බාලදක්ෂ ව්‍යාපාරය හා සමාන ලෙස මෙම අනතුරු නිවාරණ ඒකක මඟින් සිසුන්ගේ දක්ෂතා මත පදක්කම් පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ.


http://www.silumina.lk/2012/02/19/_art.asp?fn=aa1202195

No comments:

Post a Comment