Saturday, February 18, 2012

දෙනියායට සංචාරක කලාපයක්

සාගරිකා දිසානායක

දකුණු පළාතේ සංචාරක ස්ථාන හඳුන්වාදීමේ වැඩපිළිවෙළ යටතේ ඓතිහාසික පුදබිම්වලින් සහ ආකර්ෂණීය ස්ථාන රැසකින් හෙබි දෙනියාය ප්‍රදේශය නව සංචාරක කලාපයක් ලෙස වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇත.

මෙහිදී ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන පිළිබඳ සොයා බැලීම, ඒ සඳහා ප්‍රවේශ මාර්ග සැකසීම වැඩි දියුණු කිරීම, දෙනියාය ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම්වලින් සමන්විත නව හෝටල් ඇති කිරීම, ප්‍රදේශය පිළිබඳ මනා දැනුමක් ඇති මඟ පෙන්වන්නන් පුහුණු කිරීම ආදියට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.

විශේෂයෙන්ම ලෝක උරුම සිංහරාජ වනාන්තරය ප්‍රමුඛ ස්වාභාවික පරිසර පද්ධතිවලින් සමන්විත මෙම ප්‍රදේශය සුප්‍රසිද්ධ සත්මාල ඇල්ල ඇතුළත්ව ආකර්ෂණීය දියඇලි විශාල ප්‍රමාණයකින් සමන්විතය. මධ්‍යම කඳුකර ප්‍රදේශයේ දක්නට ලැබෙන සුලබ දසුනක් වන තේ වතු, තේ කර්මාන්ත ශාලා මෙම පළාතේ ද දක්නට ලැබේ.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ මෙහෙයවීමෙන් පැවැති රැස්වීමකදී මේ කරුණු අනාවරණය කෙරිණි.


http://www.silumina.lk/2012/02/19/_art.asp?fn=aa12021910

No comments:

Post a Comment