විදෙස් රටවල් හා ශ්‍රී ලංකාව හිටි අඩියේ විවිධ කාලගුණ වෙනස්වීම්වලට ලක්වූයේ පොළොව රත්වීම හා මිතේන් බහුලව විමෝචනය කිරීම නිසා බව මෙරට ප්‍රවීණ කාලගුණ විද්‍යාඥයෝ පවසති.
කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් ජී. බී. සමරසිංහ මහතා පැවසුවේ කාලගුණ රටාවල වෙනස්වීම් රටාව සම්පූර්ණයෙන් වෙනස් වී ඇති බවයි. එමෙන්ම මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සී. බී. දිසානායක මහතා පැවසුවේ මේ කාලගුණ වෙනස්වීම්වලට ප්‍රධාන හේතුවක් වනුයේ පොළොව රත්වීම බවයි.
ඒ සමඟම ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ හේමන්ත විතානගේ මහතා පැවසුවේ ලෝක කාලගුණ විද්‍යාඥයන්ගේ අදහස් අනුව ඉදිරි වසර 100 - 125 ඇතුළත ශ්‍රී ලංකාව අවට මුහුදු මට්ටම මීටරයකින් ඉහළ යාමට හැකි බවයි. ග්ලැසියර දියවීම නිසා මුහුදු මට්ටම වැඩිවීම සිදුවන බවත් ඒ යට ඇති මිතේන් වායුව අවට වායුගෝලයට මුදා හැරීමෙන් පෘථිවිය උණුසුම් වීම වැඩිවෙන බවත් හේමන්ත විතානගේ පවසයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ හිටපු කාලගුණ අධ්යක්ෂ හා ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ මහතා පැවසුවේ මේ දිනවල රටපුරා ඇති කාලගුණ තත්ත්ව මෙන්ම මෙරට ඇති කාලගුණ තත්ත්වවල ආන්තික වෙනස්වීම් ඇති බවයි.
මෙහිදී කාලගුණ විද්‍යාඥයන් අවධාරණය කළේ අපේ රටේ කොළ හැලෙන මාසයක් වන මේ මාසේ දරුණු වැසි ලැබීමත් යුරෝපාකරයේ ඇතුළු ලොව විවිධ තැන්වල හිම මිදීම සිදුවීම දරුණු කාලගුණ වෙනස්වීම්වල ලක්ෂණ බවයි.
http://www.silumina.lk/2012/02/19/_art.asp?fn=aa1202199
No comments:
Post a Comment