Wednesday, February 1, 2012

විදුලි බිල නැංවීමට මේ වසරේ අවශ්‍ය නෑ

- මහජන උපයෝගිතා කොමිසම රජයට නිර්දේශ කරයි

ශිරාන් රණසිංහ

විශේෂ තත්ත්වයක්‌ මත මිස මෙම 2012 වසරේදී විදුලි ගාස්‌තු වැඩිකිරිමක්‌ අවශ්‍ය නැතැයි මහජන උපයෝගිතා කොමිසම රජයට නිර්දේශ කර තිබේ.

විදුලි ගාස්‌තු සංශෝධනයක්‌ කළ යුතුව ඇත්තේද යන්න සොයා බලන ලෙස විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය මහජන උපයෝගිතා කොමිසමෙන් කරන ලද ඉල්ලීම අනුව කොමිසම මේ පිළිබඳ පසුගිය කාලයේ සොයා බලා ඇත.

ඒ අනුව කළ සොයා බැලීම් යටතේ ලංකා විදුලිබල මණ්‌ඩලයේ පවතින වියදම් හා ගාස්‌තු තත්ත්වයන් දීර්ඝ ලෙස විමර්ශනය කිරීමෙන් පසු ගාස්‌තු සංශෝධනයක්‌ අවශ්‍ය නැතැයි කොමිසම තීරණය කර ඇත.

විදුලි ගාස්‌තු සංශෝධනය කිරීමේ බලතල මහජන උපයෝගිතා කොමිසම වෙත පැවරී තිබෙන බැවින් ගාස්‌තු සංශෝධනයක්‌ මෑතකදී සිදු නොකරන බව අප කළ විමසීමේදී විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවැසීය.


http://www.divaina.com/2012/02/01/news01.html

No comments:

Post a Comment