Wednesday, February 1, 2012

ප්ලාස්‌ටික්‌ කූඩ භාවිතය 75% ක්‌ සාර්ථකයි

- වෙළෙඳ අමාත්‍යාංශය

ලසිත දුමින්ද

ප්ලාස්‌ටික්‌ කූඩ භාවිත කරමින් එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීම මේ වන විට සියයට 75 ක්‌ පමණ සාර්ථකව සිදුවන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

එළවළු වර්ග 11 ක්‌ සහ පලතුරු වර්ග 10 ක්‌ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් රජය ගනු ලැබූ මෙම තීරණයට අනුව වෙළෙඳුන්ගෙන් සියයට 75 කට අධික ප්‍රමාණයක්‌ සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටින බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ප්ලාස්‌ටික්‌ කූඩ භාවිතයට වෙළෙඳුන් ක්‍රමයෙන් හුරුවෙමින් සිටින බවද මේ නිසා වැඩි ලාභයක්‌ ලැබීමට ඔවුන් සමත්ව සිටින බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම මෙම ප්ලාස්‌ටික්‌ කූඩ භාවිතය සම්බන්ධයෙන් අමාත්‍යාංශය සහ පාරිභෝගික අධිකාරිය නිරන්තරයෙන් අධීක්‍ෂණය කරන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


http://www.divaina.com/2012/02/01/news14.html

No comments:

Post a Comment