කල්මුණේ
ඉන්ධන මිල ඉහළ යැමත් සමගම නැගෙනහිර පළාතේ කුඹුරුවල අස්‌වනු නෙළීමේ යන්ත්‍රවල ගාස්‌තුද ඉහළ දමා ඇත. මේ අනුව අක්‌කරයක ගාස්‌තුව රුපියල් 1000 සිට 1200 දක්‌වා වැඩිකර ඇත.
දැනට නැගෙනහිර පළාතේ මහ කන්නයේ වගා කළ කුඹුරු අස්‌වනු නෙළනු ලබන අතර පසුගිය කාලයේ අක්‌කරයකට අයකරන ලද අස්‌වනු නෙළීමේ යන්ත්‍ර ගාස්‌තු රු. 6000 සිට 7000 දක්‌වා ඉහළ දමා ඇත.
මෙම නිසා ගොවීහු දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි පවසති.
මේ අතර දැනට නැගෙනහිර පළාතේ විටින් විට වර්ෂාව පවතින නිසාත් වී මිල අඩුවී ඇති නිසාත් මෙම ගාස්‌තු ඉහළ යැම දරා ගැනීමට නොහැකි බව ජනතාව පවසති.
http://www.divaina.com/2012/02/15/news20.html
No comments:
Post a Comment