ලංගමට පෙරේදා මිලියන 78 ක වාර්තාගත ආදායමක්
තුෂාරී කළුබෝවිල
පෞද්ගලික බස් රථ වර්ජනය පැවැති පෙරේදා (13 වැනිදා) ලංකා ගමනාගමන මණ්‌ඩලය රුපියල් හත්කෝටි අසූපන් ලක්‍ෂ තිස්‌අටදහස් හත්සිය තිස් එකක් හෙවත් රුපියල් මිලියන 78 ක වාර්තාගත ආදායමක් ඉපයූ බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ කුමාර දිසානායක මහතා "දිවයින"ට පැවසීය.
එදින වැඩිම ආදායමක් කොළඹ ප්‍රාදේශිකයෙන් ඉපයූ අතර එම මුදල රුපියල් එක්‌කෝටි තුන්ලක්‍ෂ හැත්තෑහය දහස් හයසිය පහක් (ලක්‍ෂ 103) ක් බව නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
පෞද්ගලික බස් වර්ජනය හේතුවෙන් ලංකා ගමනාගමන මණ්‌ඩලය මගී පහසුව සලසමින් කිසිදු කාලසටහනකට අනුගත නොවී පෙරේදා (13 දා) දිනයේ බස් ධාවනයේ යෙදවූ බවත් එයින් සුවිශාල ආදායමක් රජයට ලැබුණු බවත් හෙතෙම පැවසීය.
සාමාන්‍යයෙන් ලංකා ගමනාගමන මණ්‌ඩලයේ බස් රථ ධාවනයෙන් දිනක ආදායම රුපියල් ලක්‍ෂ 420 ක් වන අතර කොළඹ ප්‍රාදේශිකයේ දිනක ආදායම රුපියල් ලක්‍ෂ 46 ක් පමණ වන බව දිසානායක මහතා සඳහන් කළේය.
http://www.divaina.com/2012/02/15/news03.html
වර්ජනයදා ලංගම ආදායම රුපියල් මිලියන 89යි
ලංගම බස් ගාස්තුත් ඊයේ සිට වැඩිවේ
ශීලා උඩුවර
පුද්ගලික බස් වර්ජනය පැවැති පෙරේදා (13) ශ්‍රී ලංගම ආදායම රුපියල් මිලියන 80ක් දක්වා වැඩිවූ බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසීය. ලංගම වෙන දිනයන් හි දෛනික ආදායම රුපියල් මිලියන 40 කි. වර්ජනයෙන් මගීන්ට වන අපහසුතාවය වැළැක්වීම සඳහා ශ්‍රී ලංගම පෙරේදා හිමිදිරි පාන්දර සිට සියලුම බස්රථ ධාවනයට යෙදවූ බවත්, ඒ සඳහා ලංගම රියදුරු, කොන්දොස්තර, කාර්මික ඇතුළු සියලු සේවකයන් කැපවීමෙන් කටයුතු කළ බවත්, තමා සියලු ලංගම සේවකයන්ට ස්තුතිවන්ත වන බවත් සභාපතිවරයා කීය.
ශ්‍රී ලංගම හා පුද්ගලික බස් ගාස්තු සංශෝධනය ඊයේ (14) සිට ක්‍රියාත්මක වීමත් සමඟ බස් ධාවනය ද සාමාන්‍ය පරිදි සිදුවිය. සාමාන්‍ය බස් ගාස්තු සියයට 20 කින් ද අර්ධ සුඛෝපභෝගි ගාස්තු සාමාන්‍ය ගාස්තුව මෙන් 1 1/2 කින් ද සුඛෝපභෝගී සේවා සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක් ද අධි සුඛෝපභෝගී සේවා සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් තුන් ගුණයක් ද වේ. දුම්රිය ගාස්තු වැඩි නොවන බව ප්‍රවාහන අමාත්‍යාංශය කියයි.
මෙම ගාස්තු සංශෝධනය නිසා බස් ගාස්තු ප්‍රතිපත්තිය මත සෑම වසරකම ජුලි මාසයේ සිදුවන ගාස්තු සංශෝධනය සිදු නොවේ. ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් අනුමත කරන ලද ගාස්තු සංශෝධනය මෙසේ ය.
රුපියල් 7 ප්‍රථම බස් ගාස්තුව රුපියල් 9 ක් වන අතර, රුපියල් 10 රුපියල් 2 කින්ද, රුපියල් 13 හා 16 රුපියල් 3 කින් ද, රුපියල් 19 රුපියල් 4 කින් ද, රුපියල් 21, 25, 27 රුපියල් 5 කින් ද, 28, 30, 32, 35, රුපියල් 6 කින් ද, 36, 38, රුපියල් 7 කින් ද, 40, 41, රුපියල් 8 කින් ද, 43, 44, 46 රුපියල් 9 කින් ද 48, 50, 52, 54 රුපියල් 10 කින්ද, 56, 58, 60 රුපියල් 11 කින්ද, 61 63, රුපියල් 12 කින් ද, 64, 66 රුපියල් 13 කින්ද, 68, 69, 72 රුපියල් 14 කින් ද, 73, 75 රුපියල් 15 කින් ද, 76, 78, 80, 85 රුපියල් 16 කින්ද, 86, 88 රුපියල් 17 කින් ද, 89, 91 රුපියල් 18 ඛ්න්ද, 93, 95, 98, 99 රුපියල් 19 කින් ද, රුපියල් 100 රුපියල් 20 කින් ද වැඩිවේ.
රට පුරා ඇති බස් මාර්ග 305 කම ගාස්තු මේ යටතේ වැඩිවන අතර රුපියල් 555 ක් වන අන්තිම බස් ගාස්තුව රුපියල් 107 කින් වැඩිවේ. ශ්‍රී ලංගම කොළඹ ප්‍රාදේශිකය පෙරේදා රුපියල් ලක්ෂ 103ක ආදායමක් උපයා අති අතර ඊටපෙර දිනයේ එහි ආදායම රුපියල් ලක්ෂ 46කි. එදින මහනුවර ප්‍රාදේශිකයේ දෛනික ආදායම රුපියල් 6868245 වන අතර එහි වෙනදා දිනක ආදායම මෙන් දෙගුණයකි.
http://www.dinamina.lk/2012/02/15/_art.asp?fn=n1202152
Record turnover by SLTB on Monday
Ishara Mudugamuwa and Disna Mudalige
The Sri Lanka Transport Board (SLCTB) had made a record turnover of Rs 80 million on Monday, SLTB chairman Shashi Welgama told the Daily News yesterday. This amount is nearly double the usual turnover. He observed that the usual daily turnover of the SLCTB is Rs 45 million. He said that the private bus strike was the main reason for the record turnover. He noted that the SLCTB full fleet amounting to about 5,000 buses was put into operation on Monday to minimize the inconvenience caused to the public due to the strike.
The Chairman expressed his gratitude to all SLTB staff for their dedicated service, and appreciated the cooperation extended by all SLTB workers at the needy hour. He also noted that eight SLTB buses had been attacked on Monday including two in Galle, one in Dambulla and three buses in Chilaw.
http://www.dailynews.lk/2012/02/15/news04.asp
No comments:
Post a Comment