- ගමනාගමන කොමිසමේ සභාපති රොෂාන් ගුණවර්ධන
අනුර බාලසූරිය, අකිත පෙරේරා
මගී ජනතාවට ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහා මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් පවත්නා නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවැසීය.
සියයට 20 කින් බස් ගාස්‌තු වැඩිවීමක් ලබාදුන් බැවින් මගී ජනතාවට ගුණාත්මක බස් සේවාවක් ලබාදීමට කටයුතු කළ යුතු හෙයින් පවත්නා නීති දැඩි ලෙස ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.
පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා සෑම මගියෙකු වෙනුවෙන්ම අනිවාර්යෙන් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කළ යුතු බවත් එය ක්‍රියාත්මක නොකරන හා බස් රථ බොහෝ වේලා බස් නැවතුම් පළවල නවතාගෙන සිටින බස් රථවලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.
මගීන්ට ප්‍රවේශ පත්‍රයක් අනිවාර්යයෙන් ලබාදිය යුතු වගේම ඉතිරිවන රුපියල වුවද ලබාදිය යුතු බව පැවසූ සභාපතිවරයා මෙම නීති වහාම ක්‍රියාත්මක කෙරෙන බව පැවසීය.
http://www.divaina.com/2012/02/15/news24.html
No comments:
Post a Comment