ධීවරයන්ට ඩීසල් සහ භූමිතෙල් සහනාධාර
වසන්ත ලියනගේ සහ ලසිත දුමින්ද
ධීවරයන් සඳහා ඩීසල් ලීටරයකට රුපියල් 12 ක සහ භූමිතෙල් ලීටරයකට රුපියල් 25 ක සහනාධාරයක් ලබාදීමට රජය පියවර ගෙන ඇත.
උතුරු නැගෙනහිර ඇතුළු දිස්‌ත්‍රික්‌ක 26 ක ධීවර සංවිධාන නියෝජිතයන් හා ධීවර සහ ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14 වැනිදා) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගැනිණි.
ඉන්ධන මිල ඉහළ යැමෙන් ධීවරයන්ට වූ පාඩුව පියවා ගැනීම සඳහා ගත් මෙම පියවර පිළිබඳව සියලුම දිස්‌ත්‍රික් නියෝජනය කළ ධීවර නියෝජිතයෝ එකඟතාව සතුටින් ප්‍රකාශ කළ බව ධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න මහතා "දිවයින" ට පැවසීය.
භූමිතෙල් භාවිත කරන එක්‌දින යාත්‍රා 21552 ක් තිබෙන අතර එම යාත්‍රා සඳහා එම ධීවරයන් ඉල්ලූ සහනයටත් වඩා වැඩි සහනයක් ලබාදීමට පියවර ගත් බව ද ඇමැතිවරයා කීය.
මේ වන විට ඩීසල් භාවිත කරන බහු දින යාත්‍රා 3760 ක් තිබෙන අතර එම ධීවරයන්ට ලබාදුන් ඩීසල් සහනාධාරය 40% ක් පමණ බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
දිස්‌ත්‍රික් ධීවර අධීක්‍ෂකවරුන්, ධීවර පරීක්‍ෂකවරුන් සහ ධීවර සමිති නියෝජිතයන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම සහනාධාර ලබාදීම සිදුකෙරේ.
අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ, අමාත්‍යාංශ ලේකම් ධම්මිකා ද සොයිසා හා ධීවර අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් හෙට්‌ටිආරච්චි යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
http://www.divaina.com/2012/02/15/news10.html
රුපියල් කෝටි 25ක ධීවර ඉන්ධන සහන
බහුදින යාත්‍රාවකට මසකට රු.30,000ක්
එක්දින යාත්‍රාවකට මසකට රු 18,000ක්
බහුදින ධීවර යාත්‍රා සඳහා මාසයකට රුපියල් 30,000 ක ඉන්ධන සහනාධාරයක් සහ එක්දින ධීවර යාත්‍රාවකට රුපියල් 18,000 ඉක්මවන ඉන්ධන සහනාධාරයක් ලබා දීමට රජය පියවර ගෙන ඇත.ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ ධීවර සංවිධාන නියෝජිතයින් අතර ඊයේ (14) එම අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවලින් පසුව තීරණවලට එළඹී තිබේ.
මේ සහනාධාර සඳහා රජය මාසයකට ධීවරයා වෙනුවෙන් දරණ වියදම රුපියල් කෝටි 25.7 කි. පැය 04 කට අධික කාලයක් මුළුල්ලේ ධීවර අමාත්‍යංශයේදී ඇමැතිවරයා සහ ධීවර සංවිධාන නියෝජිතයන් අතර මේ සාකච්ඡා පැවැති අතර එහිදී ධීවර කාර්මිකයෝ මේ ඉන්ධන මිල වැඩිවීම නිසා තම රැකියාවලට එල්ල වී ඇති බලපෑම ඇමැතිවරයා හමුවේ ඉදිරිපත් කළහ.
එහිදී පැමිණි එකඟතා අනුව බහුදින ධීවර යාත්‍රාවකට ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 18/- ක සහනාධාර යටතේ මාසයකට රුපියල් 30,000 ක ඉන්ධන සහනාධාරයක් හිමි වෙයි. මෙරට ලියාපදිංචි බහුදින යාත්‍රා ගණන 3786 කි. ඩීසල් භාවිතා කරන එක්දින යාත්‍රාවකට හිමිවන මාසික ඉන්ධන සහනාධාරය රුපියල් 18,000 කි. මෙම සහනාධාර ප්‍රතිශතය 40% කි.
භූමිතෙල් භාවිතා කර එක් දින ධීවර රැකියාවේ යෙදෙන ධීවර කාර්මිකයන් සඳහා භූමිතෙල් ලීටරයකට රුපියල් 25/- ක සහනාධාරයක් හිමි වෙයි. එය 80% ක ඉන්ධන සහනාධාර ප්‍රතිශතයකි. මෙරට එක්දින ධීවර යාත්‍රා ගණන 26,000 ක් පමණ වන අතර එයින් භූමිතෙල් භාවිතා කර යාත්‍රා කරන ධීවර යාත්‍රා ගණන 21,550 කි. දිස්ත්‍රික් මට්ටමින් පිහිටා ඇති ධීවර සංවිධානවල ප්‍රධාන නියෝජිතයන් තම ප්‍රදේශයේ ලියාපදිංචි ධීවර යාත්‍රා නම් කර සහනාධාර ලයිස්තු පිළියෙළ කොට ධීවර අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමෙන් මෙම සහනාධාරය ක්‍රියාත්මක වෙයි.
ඉන්ධන මිල ගණන් වැඩි වූ දින සිට එම ඉන්ධන සහන ධීවර කාර්මිකයා වෙත ලබාදීමට ඒ අනුව කටයුතු යෙදෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙම සාකච්ඡාවේදී පැවැසීය. ධීවර කාර්මිකයා අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා ඉතා ඉහළ ඉන්ධන සහනාධාරයක් හිමි වී ඇති බැවින් ඊයේ (14) රාත්‍රියේ සිටම මුහුදු රැකියාවේ නිරත වීමට ධීවර සංවිධාන නියෝජිතයෝ සහ ධීවර කාර්මිකයන් ධීවර ඇමැතිවරයා හමුවේ කැමැත්ත පළ කර සිටියේය.
ලබා දී ඇති සහනාධාරය මත ඉදිරියේදී මාළු මිල ගණන් ඉහළ යාමට කිසිසේත් ඉඩකඩ නොමැති බව පැවැසූ ඇමැතිවරයා මෙම සහනාධාරය ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නොපැකිලිව සහය හා උපදෙස් ලබාදුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය කෘතඥතාවය පළ කර සිටියේ ය. ඒ සඳහා පසුබිම සකස් කර දුන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාටත් ඒ සඳහා කැපවීමෙන් කටයුතු කළ ධීවර අමාත්‍යාංශ ලේකම් ආචාර්ය දමිතා ද සොයිසා මහත්මිය ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ටද ඇමැතිවරයා සිය ස්තූතිය පළ කළේ ය.
ධීවර ප්‍රජාව වෙනුවෙන් පැමිණ සිටි පූජකතුමන් සහ ධීවර සංවිධාන නියෝජිතයන් මෙහිදී අදහස් දක්වමින් පසුගිය දින කිහිපය තුළ ප්‍රදේශ ගණනාවක ඉන්ධන සහන පතා තම ධීවර ජනතාව සිදු කළ සියලුම උද්ඝෝෂණ ඊයේ (14) සිට නිම කළ බවත්, එහිදී රජයට ධීවර අමාත්‍යංශයට යම් අපහසුවක් වී නම් කණගාටුව ප්‍රකාශ කරන බවත් කීය. මෙම ඉන්ධන සහනාධාරය තමන්ට ප්‍රමාණවත් බවද එම නියෝජිතයෝ එහිදී පැවැසූහ.
http://www.dinamina.lk/2012/02/15/_art.asp?fn=n1202151
Subsidy bonanza for fishermen
* Rs 81 per litre for kerosene-driven boats
* 40 percent relief for diesel-driven vessels
Ridma Dissanayake
Government yesterday announced unprecedented relief measures to the fishing community who would be affected by the fuel price hike. Accordingly a fuel subsidy of Rs. 30,000 will be provided to every multi-day fishing trawler while a one day fishing boat will receive a fuel subsidy of Rs. 18,000 per month. Addressing the media following a crucial meeting with representatives of district fisheries organizations Fisheries and Aquatic Resources Development Minister Dr. Rajitha Senaratne said this subsidy will also to be extended to the boats with kerosene-driven engines.
According to the proposal a litre of kerosene will be available at Rs.81 for the boats with kerosene-driven engines. A subsidy of Rs. 12 per litre of diesel will be granted for one-day and multi–day fishing boats while fishermen will also be given a subsidy of Rs. 25 per litre of kerosene.
According to this decision taken by the government, fishing trawlers with diesel-driven engines will receive a relief of 40 percent and fishing boats with kerosene-driven engines will receive relief of 80 percent.
There are 3,786 multi-day fishing boats and around 26,000 one day fishing trawlers.
About 21,551 one day fishing vessels among them are trawlers with kerosene driven engines.
“The government has to spend around Rs. 260 million per month for the fuel subsidy which had been granted for the fishermen and they have to spend over Rs. 30,000 million annually for this subsidy.
All fishing trawlers which have been registered with the district fisheries organizations will receive this subsidy,” the minister said. Each fisheries harbour, anchor lodge and fish landing centre have a district fisheries organization and all these subsidies are to be provided through these organizations.
According to the reports and details given by the fisheries organizations about the multi-day and one day fishing trawlers the above relief will be granted, he added.
The minister urged the officers entrusted with this duty to do their duty without any favour, because the fisherfolk will receive this relief according to the information provided by the fishery organizations.
Fisheries and Aquatic Resources Development Deputy Minister Susantha Punchinilame, Ministry Secretary Dr. Damitha de Soysa and representatives from all the district fishery organizations participated in the discussions and they have paid their gratitude on this decision.
http://www.dailynews.lk/2012/02/15/news01.asp
No comments:
Post a Comment