කුඩාවැල්ලේ ධීවර උද්ඝෝෂණයට දකුණු පළාත් ඇමැති කඩාපනී
නාකුළුගමුව - නෙල්සන් ගල්ඇටුඹගේ
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමස්‌ත ලංකා පොදු ධීවර සම්මේලනය මගින් ඊයේ (14 වැනිදා) පෙරවරු 8.00 ට පමණ කුඩාවැල්ල ධීවර වරාය පරිශ්‍රයේදී පැවැත්වීමට සූදානම් කරතිබූ ධීවර උද්ඝෝෂණයට කඩා වැදුනු දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී. වී. උපුල් මහතා අතුළු පිරිසක් විසින් එය කඩාකප්පල් කිරීමට කටයුතු කරන ලදී. එහිදී උද්ඝෝෂණය පැවැත්වීමට සූදානම් කර තිබූ ස්‌ථානයට පැමිණි දකුණු පළාත් සභා ධීවර අමාත්‍යවරයා ඉන්ධන මිල වැඩිවීමෙන් ධීවර ජනතාවට යම් අපහසුතාවක් ඇතිවී ඇත්නම් ඒ සඳහා රජය සමඟ සාකච්ඡා කොට සහන ලබාදෙන බවද වෙනත් අය සමඟ එකතුවී උද්ඝෝෂණ නොකරන ලෙසද උද්ඝෝෂණය කිරීමට අවශ්‍යනම් තමා සමඟ එක්‌ව උද්ඝෝෂණය කරන ලෙසද රැස්‌ව සිටි පිරිසට පැවැසීය.
මෙම උද්ඝෝෂණයට සහභාගීවීමට පැමිණ සිටි හම්බන්තොට දිස්‌ත්‍රික් (ජ.වි.පෙ.) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා "දිවයින" ට මෙසේ පැවැසීය.
ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව ඊට විරෝධය පළකිරීමට ඊයේ (14 වැනිදා) උදේ කුඩාවැල්ල ධීවර වරායේ ධීවර උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි. එම අවස්‌ථාවට අනවසරයෙන් කඩාවැදුනු දකුණු පළාත් ධීවර ඇමැතිවරයා පහත් ආකාරයෙන් හැසිරෙමින් ධීවර ජනතාවට සහන ලබා දෙනවා යෑයි පොරොන්දු දෙමින් උද්ඝෝෂණයට සහභාගිවීමට පැමිණි ධීවර ජනතාවට තර්ජනය කරමින් අශෝභන විදිහට හැසිරුණා.
මෙම ඇමැතිවරයාගේ හැසිරීම ඇමැතිවරයකුට සුදුසු නොවන තරම්. ආණ්‌ඩුව ඇතිකර ඇති අර්බුද වහන්න භාවිතාවට නඟන මෙවැනි ක්‍රියාමාර්ග කුඩාවැල්ල ප්‍රදේශයේ මුළු මහත් ජනතාවට ප්‍රදර්ශනය වුණා. මේ තත්ත්වය අපි මුළුමනින්ම හෙළා දකිනවා.
http://www.divaina.com/2012/02/15/news04.html
"මාළු මිල ඉහළ දමා ජනතාව අමාරුවේ දාන්න බැහැ"
වැලිගම - රන්ජන් ගාමිණී ජයවර්ධන
ඩීසල් ලීටරයක මිල රුපියල් තිස් එකකින් ඉහළ දැමීමට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් ඊයේ (14 වැනිදා) මිරිස්‌ස ධීවර තොටුපළෙහි දී පැවැත්විණි.
මිරිස්‌ස වරාය ආශ්‍රිත ධීවරයන් තුන්සියකට පමණ අධික සංඛ්‍යාවක් සහභාගී වූ එම උද්ඝෝෂණයේ දී ධීවරයන් එක හඬින් පවසා සිටියේ පෞද්ගලික බස් රථවලට ඩීසල් වලින් සිදුවන අලාභය පියවා ගැනීමට මහජනයා වෙත සෘජුවම බරපැටවෙනසුලු විසඳුමකට එකඟතාවය ලැබුණ ද ධීවර ක්‍ෂේත්‍රයේ ප්‍රවාහනයට මෙන්ම මසුන් අල්ලාගැනීමටද ඉන්ධන භාවිත වන බැවින් එම දෙපාර්ශ්වයේම ඉන්ධන වෙනුවෙන් සිදුවන පාඩුව මහජනයා වෙතින්ම පියවා ගැනීමට ගියහොත් ධීවර ක්‍ෂේත්‍රය කඩාවැටී මහත් විනාශයක් සිදුවන බවයි.
එබැවින් මාළු මිල ඉහළ දැමීමේ තීරණය මගින් පමණක් මෙම ගැටලුව විසඳිය නොහැකි බැවින් ධීවරයාට ධීවර යාත්‍රාව සඳහා අඩුමිලට ඩීසල් ලබාදීමේ ක්‍රමවේදයක් ඉතා කඩිනමින් රජය විසින් සැලසිය යුතු බව ඔවුහු අවධාරණයෙන් පැවසූහ.
අලුත් ඉන්ධන මිලට අනුව එක් දින ධීවර යාත්‍රාවකට වෙනදාට වඩා රුපියල් දහසකට ආසන්න මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවන බවත් බහුදින ධීවර යාත්‍රාවක් සඳහා ඩීසල් ලීටර් 3,000 ක් පමණ අවශ්‍ය වන බැවින් වැඩිවූ ඉන්ධන මිලට අනුව රුපියල් ලක්‍ෂයක් පමණ වැඩිපුර මුදල් ගෙවීමට සිදුව ඇති බවත් ඔවුහු සිය උද්ඝෝෂණයේ දී කියා සිටියහ.
මෙම උද්ඝෝෂණය මිරිස්‌ස වරාය පරිශ්‍රයෙන් පිටතට පැමිණීම වැළැක්‌වීම සඳහා දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතාගේ පටන් මාතර කොට්‌ඨාසයේ සියලුම පොලිස් ස්‌ථානාධිපතිවරුන් සහ වෙනත් පොලිස් ස්‌ථානවල කැරැලි මර්දන හමුදාවන්ද ඇතුළු සියයකට අධික පොලිස් හමුදාවක් ආරක්‍ෂාව සැලසීම සඳහා පැමිණ සිටියහ.
13 දා ගාල්ලේ පිහිටි දකුණු පළාත් සභා කාර්යාලය වෙත ගමන් කරමින් සිටි එජාප දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව මහතාද වාහනයෙන් බැස සුළු වේලාවක් ධීවරයන් සමඟ රැඳී සිටිනු දක්‌නට ලැබුණු අතර දේශපාලන භේදයකින් තොරව මිරිස්‌ස ප්‍රදේශයේ ධීවරයෝ පැය තුනක් පමණ මෙම උද්ඝෝෂණය සාමකාමීව පවත්වා මාධ්‍යයට කරුණු හෙළිදරව් කොට සාමකාමීව විසිර ගියහ.
http://www.divaina.com/2012/02/15/provin01.html
No comments:
Post a Comment