Thursday, February 2, 2012

පිට පළාත්වලින් කුඩා මසුන් ගෙන ඒමට විරෝධය පා මීගමුවේ සුළුපන්න ධීවරයෝ විරෝධතාවක


යාපනය, මන්නාරම සහ කල්පිටිය යන දිස්‌ත්‍රික්‌කවලට අයත් ධීවර දූපත්වල සිටින ධීවරයන් එම ප්‍රදේශවලින් අල්ලා ගන්නා හුරුල්ලන්, සාලයන්, සූඩයන් වැනි කුඩා මසුන් මීගමුව වෙරළට ගෙනැවිත් කරවල සඳහා වේලා මීගමුවේ ව්‍යාපාරිකයන්ට ඉතා අඩුමිලට අලෙවි කරන බවත් මොවුන් මෙසේ කරවල වේලීමට වෙරළ තීරය යොදා ගැනීම නිසා මීගමුවේ ධීවරයන්ට මුහුදු රැකියාව කිරීමට දැඩි බාධා එල්ලවී ඇති බවත් පවසමින් මීගමුවේ පදිංචි සුළුපන්න ධීවර කාර්මිකයෝ 5000 ක්‌ පමණ (31 වැනිදා) අඟහරුවාදා ධීවර කර්මාන්තයේ යෙදීම වර්ජනය කර මුහුදු නොගොස්‌ මීගමුව වැල්ලේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

මීගමුවේ සුළුපන්න ධීවර කාර්මිකයන් පවසන්නේ කල්පිටිය, මන්නාරම සහ යාපනය ප්‍රදේශවල සමහර ධීවර කාර්මිකයන් සුක්‌කුදැල් නමැති ධීවර කර්මාන්තයේ යෙදෙමින් ඔවුන් විසින් අල්ලා ගන්නා මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු කුඩා මසුන් පවා මීගමුවේ කරවල නිපදවන්නන්ට ඉතා අඩු මිලට සපයනු ලබන බවයි. මේ හේතුවෙන් මීගමුවේ සුළුපන්න ධීවර කාර්මිකයන් තම මත්ස්‍ය නිෂ්පාදන විකුණා ගැනීමට නොහැකිව අසරණ වී ඇතැයිද ඔවුහු සඳහන් කරති.

එබැවින් යාපනය, කල්පිටිය සහ මන්නාරම යන ප්‍රදේශවලින් කුඩා මසුන් මීගමුවට අලෙවි කිරීම සහ රැගෙන ඒම නවතා දමන ලෙසටත් එම මසුන් කරවලවලට වේළීම සඳහා මීගමුව වෙරළ යොදා ගැනීම වළක්‌වන ලෙසටත්, බලධාරීන්ට බලකරමින් මීගමුවේ සුළුපන්න ධීවරයන් මීගමුවේ වැල්ලට වී විරෝධතාවයේ නිරතවූ අයුරු සේයාරුවේ දැක්‌වේ.


මීගමුව සමූහ - විමල් කීර්ති

http://www.divaina.com/2012/02/02/news22.html

No comments:

Post a Comment