Wednesday, February 8, 2012

දඹුල්ල ආර්ථිකයේ එළවළු මිල හොඳටම පහත වැටිලා

ගොවීහු අසරණ වෙති

සීගිරිය - සරත් එරමිණිගම්මන

දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානය මේදිනවල උඩරට හා පහතරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු වර්ග රැසක මිල ගණන් සියයට 40-60 ත් අතර ප්‍රතිශතයකින් පහත වැටීම නිසා නිෂ්පාදන පිරිවැය සහ ප්‍රවාහන වියදම් පවා සොයා ගැනීමට නොහැකිවීම නිසා ගොවීහු මහත් අසරණ තත්ත්වයට පත්ව සිටිති.

උඩරට ප්‍රදේශවලින් රැගෙන එන එළවළු වර්ග කීපයක 6 දා පස්‌වරුවේ පැවැති කිලෝවක තොග මිල ගණන් මෙසේය. බෝංචි 25-35, කැරට්‌ 30 -40, ලීක්‌ස්‌ 20-30, ගෝවා 10-15, මාළු මිරිස්‌ 50-70, බීට්‌ 30-40 ද විය.

පහතරට ප්‍රදේශවලින් රැගෙන එන බටු, මෑකරල්, තක්‌කාලි, බණ්‌ඩක්‌කා, රාබු, ගෝවා, දඹල. පතෝල, කැකිරි, පිපිCඳAC¹ ආදී එළවළු වර්ග රැසක කිලෝවක තොග මිල වාර්තා වූයේ රුපියල් 10 ත් 20 ත් අතර මිල පරාසයකය.

මේ පිළිබඳව හෙක්‌ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ සංඛ්‍යාත නිලධාරි පී.ඩී. ලයනල් මහතාගෙන් කළ විමසීමේදී සඳහන් කළේ පෙර වර්ෂයන්ට සාපේක්‍ෂව පුත්තලම, යාපනය, ඇඹිලිපිටිය හා තිස්‌සමහාරාම ප්‍රදේශවලින් ලැබෙන එළවළු තොග ප්‍රමාණය වැඩි වී තිබෙන බවත්, දඹුල්ල වෙළෙඳ පොළෙන් එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙඳුන් සියයට 30 කින් පමණ අඩුවීමත් සහ ආරක්‍ෂක හමුදා කඳවුරු ආශ්‍රිතව එළවළු වගා කිරීමේ වැඩපිළිවෙළ හේතුවෙන් එළවළු සඳහා පවතින ඉල්ලුම පහත වැටීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි.


http://www.divaina.com/2012/02/08/news22.html

No comments:

Post a Comment