Wednesday, February 1, 2012

ජල භීතිකා මරණ ක්‍රමයෙන් පහළට

* 2009-58යි
* 2010- 49යි
* 2011-42යි

සන්ධ්‍යා කරුණාරත්න

ජලභීතිකා රෝගීන්ගේ මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව ජාතික ජලභීතිකා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය පී.ඒ.එල්. හරිස්චන්ද්‍ර මහතා පවසයි. ජලභීතිකා රෝගය මර්දනය කිරීමේ සාර්ථක වැඩසටහන් නිසා මේ රෝගය මෙරටින් තුරන් කිරීම මඟින් වාර්ෂිකව රජයට රුපියල් මිලියන 500 ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.

වසර 2009 දි ජලභීතිකා මරණ 58 ක් ද, 2010 දි ජලභීතිකා මරණ 49 ක් ද වාර්තා වූ අතර පසුගිය වසරේදි වාර්තා වූයේ මරණ 42 කි. මෙසේ ජලභීතිකා මරණ සංඛ්‍යාවේ පවතින අඩු ප්‍රවණතාව දිගටම පවත්වාගෙන යාම තුළින් වසර 2016 දි මෙරටින් ජලභීතිකා රෝගය තුරන් කිරීමේ රජයේ ඉලක්කය සාර්ථක කර ගැනීමට හැකි බව ද හෙතෙම කීය.

වාර්ෂිකව තුන් ලක්ෂ පනස්දහසක් පමණ ජනතාව සුනඛ සපා කෑම්වලට ලක් වන බවත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 300 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් වැය කරන බවත් වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා පැවැසීය.


http://www.dinamina.lk/2012/02/01/_art.asp?fn=n1202014

No comments:

Post a Comment