Wednesday, February 15, 2012

ඔරුතොට ගැට කිඹුලා වන ජීවි බාරයට

ගම්පහ සංචාරක නිමල් ජයසිංහ

ගම්පහ ඔරුතොට පාරේ පාළම අසල පාර අයිනේ සිටි අඩි 6යේ අඟල් 7 දිග ගැට කිඹුලෙකු ගම්පහ පොලිසිය මඟින් එම සත්ත්වයාට හිංසාවක් නොවන පරිදි ආරක්‍ෂිතව මුදාගෙන ගම්පහ වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ සහකාර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත (11) දින පෙරවරුවේ භාරදෙන ලදී.


ඡායාරූපය - ගම්පහ සංචාරක - නිමල් ජයසිංහ

ගම්පහ වනජීවි සංරක්‍ෂණ අංශයේ නිලධාරීන් පවසන අන්දමට මෙම ගැටකිඹුලා වයස අවුරුදු පහකට අඩු සත්වයෙක් යැයි අනුමාන කරන බවයි. මෙම කිඹුලා ගම්පහ ඌරුවල් ඔයේ සිට මීටර් 300 පමණ ගොඩට පැමිණ සිටියදී එම ඔරුතොට පාරේ යන මඟින් පිරිසක් දැක ගම්පහ පොලිසියට දන්වා ඇත.

වනජීවි සංරක්‍ෂණ නිලධාරීන් මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙවැනි හෝ වෙනත් ඕනෑම සත්වයෙකු දුටුවිට බොහෝ අය කරන්නේ එම සත්වයාට හැකිතරම් පහරදි මරණයට පත් කිරීමයි. එය අනුචිත හා පාපකාරි දෙයක් බවත් . ජනතාව කළ යුත්තේ එවැනි සත්වයෙකු දුටුවිට කඩිනමින් ප්‍රදේශයේ වනජීවි අංශයට දැනුම්දීම බවය.

පොලිසියට දැනුම්දීම නිසාම මෙම ගැටකිඹුලාගේද, ජීවිතය බේරුණු බවත් පොලිසිය ඉතා ප්‍රසංසනිය කටයුත්තක් කර ඇති බවත් කීය. මේ ගැටකිඹුලා දෙපාර්තමේන්තු නියමය පරිදි පශු වෛද්‍යවරයාට යොමුකොට එතුමාගේ තීරණය වන ආරක්‍ෂිත ජලාශයනට මුදවන බවද කීය.


http://www.dinamina.lk/2012/02/15/_art.asp?fn=n12021511

No comments:

Post a Comment