Wednesday, February 15, 2012

පෝරුවදණ්ඩ රක්ෂිතයේ පහත් බිම් පුද්ගලික සමාගමක් අනවසරයෙන් ගොඩ කරලා

ප්‍රදේශයේ අනවසර ස්ථාවර ඉදිකිරීමකට අවසර දෙන්නේ නෑ - හොරණ ප්‍රාදේශීය ලේකම් කියයි
ඉංගිරිය මධ්‍යම සමූහ – පි‍්‍රයදර්ශනී කහවල

නිවාස සංකීර්ණ ව්‍යාපෘතියකට පෞද්ගලික සමාගමක් මගවත්ත, පෝරුවදණ්ඩ රක්‍ෂිතයේ අක්‍රමවත්ව සිදුකරන පහත් බිම් ගොඩ කිරීම නිසා මාවක් ඔයේ පසෙක පිහිටි තම ඉඩම් සහ නිවාස ජලයෙන් යට වන බවට ප්‍රදේශවාසීහු ඉදිරිපත් කළ චෝදනා පත්‍රයක් විභාග කිරීමට මාවක් ඔය රක්‍ෂිතය ආශි‍්‍රත බිම පරීක්ෂාවට ලක් කෙරිණි.

මාවක් ඔය රක්‍ෂිතයේ අක්‍රමවත් ඉදිකිරීම්, වගවත්ත මන්සන්ධියේ පිහිටි රක්‍ෂිත ඉඩම අනවසරයෙන් ගොඩ කිරීම සහ එම පස්, ගල් ආදිය පොරොන්දු වූ ලෙස ඉවත් නොකිරීම, රක්‍ෂිතයේ පිහිටි ස්වභාවික ජල තටාකය ගොඩ කිරීමට උත්සාහ ගැනීම ආදී චෝදනා රැසක් මෙම චෝදනා පත්‍රයට ඇතුළත් විය. මෙම පරීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, ඉංගිරිය සහ හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හොරණ ප්‍රාදේශීය සභාව, විදුලි බල මණ්ඩලය ආදී ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

මෙහිදී කතා කළ වගවත්ත ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ඩී. ඩී. සිරිපාල මහතා - මේ ගොඩකිරීම් නිසා ගංවතුරට යට නොවුණ පැතිත් යට වෙනවා. අවුරුද්දකට දෙතුන් වතාවක් ගංවතුර තර්ජනයට මුහුණ දෙනවා. ස්වභාවිකව ජල පෝෂිත ප්‍රදේශවල ඉදිකිරීම් කරන්නේ ඇයි.

හොරණ ප්‍රාදේශීය ලේකම් නිශාන්ති ජයසිංහ මහත්මිය මෙසේ පැවසුවාය. මෙම ප්‍රදේශය රක්‍ෂිතයට අයත් වන කොටසක් නිසා අනවසර ස්ථාවර ඉදිකිරීමකට අවසර දෙන්නේ නෑ. මෙදින මෙම ගැටලුව නිරීක්‍ෂණයට පැමිණි ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡා කර වාර්තාවක් කැඳවා ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා.


නිලධාරීන් නිරීක්‍ෂණය කළ අයුරු

 
ගොඩ කිරීමට යෝජිත ස්වභාවික ජල තටාකය.

ඡායාරූප – ඉංගිරිය මධ්‍යම සමූහ

http://www.dinamina.lk/2012/02/15/_art.asp?fn=r1202155

No comments:

Post a Comment