මානෙල් පුෂ්ප කුමාරි
දේශීය වෙදකමේ සංවර්ධනයට ඉන්දියාවේ සහාය ලබාදීම සඳහා එරට සෞඛ්‍ය අමාත්‍යාංශයෙ (AYUSH)ලේකම්වරයා ඇතුළු දූත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.
පසුගියදා ඉන්දියාවේ පැවැති 66 වන ලෝක හෝමියෝපති සම්මේලනයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූ දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා එරට සෞඛ්‍ය හා පවුල් සුභ සාධන ඇමැති ගුලාම් නබි අසාඩ් මහතා ප්රමුඛ එරට සෞඛ්‍ය බලධාරීන් සමග පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඑලයක් ලෙස දේශීය වෙදකමේ සංවර්ධනයට ඉන්දියාවේ ආධාර ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.
මේ සිව්දින නිල සංචාරය සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු රජයේ (AYUSH) ලේකම් අනිල් කුමාර් මහතා සමග ඉන්දියානු ජාතික ඖෂධීය ශාක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී බාලා ප්‍රසාද්, ආයුර්වේදීය විද්‍යා පර්යේෂණ මධ්‍යම කවුන්සිලයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රමේෂ් බාබු දෙවල්ලා,යුනානි වෛද්‍ය පර්යේෂණ පිළිබඳ මධ්‍යම කවුන්සිලයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ආලෝක් කුමාර් යන මහත්වරු අද (08) දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගිවීමට නියමිතයි.
මිහින්තලයේ ස්වදේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයක් පිහිටුවීම, හෝමියෝපති වෛද්‍ය විද්‍යලයක් පිහිටුවීම, ත්‍රිකුණාමලයේ සිද්ධ ශික්ෂණ රෝහලක් ඉඳිකිරීම සහ ආයුර්වේද පර්යේෂණ නඟා සිටුවීම වෙනුවෙන් ඉන්දියාවේ සහය හා ආධාර ලබාදීම කෙරෙහි මෙහිදී අවධානයට ලක් කෙරෙන අතර දෙරට අතර අවබෝධතා ගිවිසුමක් ද අස්සන් කෙරෙනු ඇත.
http://www.dinamina.lk/2012/02/08/_art.asp?fn=n1202084
No comments:
Post a Comment