Wednesday, February 8, 2012

යාපනයට මෙගා වොට් 25ක දැවි තෙල් බලාගාරයක්

චමීර ඇල්ලදෙණිය

උතුරු පළාතේ විදුලිබල පද්ධතිය සවිබල ගැන්වීම සදහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඒ අනුව මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රික්කවලට විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථාන, යාපනයට මෙගාවොට් 25ක දැවි තෙල් බලාගාරයක්, යාපනයට නව ලංවීම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලයක් සහ කිලිනොච්චියට නව විදුලි ඉංජිනේරු කාර්යාලයක් ස්ථාපිත කිරිමට නියමිතය.

මීට අමතරව විදුලමු ලංකා ව්‍යාපෘතියෙන් වෙන් කළ මුදල්වලින් තුනෙන් එකක කොටසක් උතුරට විදුලිය ලබාදීමට ද වෙන් කිරිමට විදුලිබල අමාත්‍යංශය තීරණය කර තිබේ. පැවැති යුද වාතාවරණය නිසා වසර 25 කාලයක් උතුරේ විදුබල පද්ධතිය සවිබල ගැන්විමට කිසිම රජයකට හැකියාවත් නොලැබුණු බව විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ කිලිනොච්චියේ සිට යාපනය දක්වා විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය විවෘත කිරීම වෙනුවෙන් පෙරේදා (06) පැවති උත්සවයකදීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, චන්ද්‍රකුමාර් මුරුගේසු යන මහත්වරු ඇතුළු ලංවිම නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


http://www.dinamina.lk/2012/02/08/_art.asp?fn=n1202081

No comments:

Post a Comment