සිසිල් ඩැනීසියස් - කටාන විශේෂ
"තම ඉල්ලීම් වෙනුවෙන් සාධාරණ විසඳුමක් ලබන 24 වැනිදාට පෙර නොලැබුණ හොත් අකමැත්තෙන් වුවද පාන් සහ පිටි ආශ්රිත කෑම වර්ගවල මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති සාමවිනිසුරු එන්. කේ. ජයවර්ධන මහතා පෙරේදා (18 දා) "දිවයින"ට පැවැසීය.
ඇමෙරිකානු ඩොලරයේ අගයට සාපේක්ෂව රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම, ඉන්ධන මිල අධික ලෙස ඉහළ යැම, එළවළු තෙල්, මාජරින්, ඊස්ට් මිල ගණන් වැඩිවීම සහ මේ ආනයනික ද්‍රව්‍ය සඳහා රජය මගින් අධික බදු මුදලක් අයකිරීම යන කරුණු සැලකීමේදී පාන් ගෙඩියක මිල රු. 3.00 - 10.00 ත් අතර ප්‍රමාණයකින=ත්, සෙසු පිටි ආශ්රිත කෑම වර්ගවල මිල රු. 3.00 - 6.00 ත් අතර ප්‍රමාණයකිනුත් ඉහළ දැමිය යුතුව ඇතැයි ඒ මහතා කියා සිටියේය.
පාන් මිල වැඩි කිරීමේ දැඩි ස්ථාවරයක අප සංගමය නෑ. අපට අවශ්‍ය නෑ ජනතාව මත තවදුරටත් බරපටවන්න. ජනතාව විශාල ආර්ථික පීඩනයකින් පසුවෙනවා. රජය අපහසුතාවට පත්කරන්නත්, අපේ කර්මාන්තය බිඳවැටෙන්න ඉඩ දෙන්නත් අපට බෑ. ඒ සඳහා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ බදු සහනයක් හෝ ඉතා කඩිනමින් ලබාදෙන ලෙසයි.
පසුගිය 17 දා කොළඹදී අප සංගමයේ විධායක සභාව රැස්වුණා. අපි එහිදී වෙළෙඳ හා පාරිභෝගික කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමාත්‍යංශ ලේකම් සුනිල් සිරිසේන මහතා මගින් ඉක්මන් සාකච්ඡාවක් ලබා දෙන ලෙස දැනුම් දුන්නා. ඊට මෙතක් ඵලදායී පිළිතුරක් ලැබුණේ නෑ. අපේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා. ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණ හොත් ලබන 24 දා සිට පාන් සහ පිටි ආශ්රිත කෑම වර්ගවල මිල ගණන් අකමැත්තෙන් වුවද ඉහළ දැමීමට සිදුවෙනවා යෑයි ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
http://www.divaina.com/2012/02/20/news12.html
ගෑස් මිල ඉහළ දමනවාද? නැද්ද?
ගයාත්‍රි ගීගනආරච්චි
ගෑස් මිල ඉහළ දමන්නේද නැද්ද යන්න පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කෙරෙමින් සිටින බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශය පවසයි. මිල ඉහළ දමන ලෙස ලාෆ් සහ ලිට්රෝ ගෑස් සමාගම් දෙකෙන්ම ඉල්ලීම් ඉදිරිපත් වී ඇතත්, මතෛක් ඒ පිළිබඳ කිසිදු තීරණයක් ගෙන නැතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කළේය.පාරිභෝගික අධිකාරිය ඉකුත් සතියේදී අදාළ සමාගම් දෙකෙන් මේ සම්බන්ධව තවදුරටත් කරුණු විමසා යවා ඇත.
කෙසේ වෙතත් අදාළ ඉල්ලීම්, ගෑස් මිල සංශෝධනය සඳහා වන මිල කමිටුව වෙත මතෛක් ඉදිරිපත් කර නැතැයිද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=1880:vdfsgdgffd&catid=81:europe&Itemid=457
Bread price hike from Friday
by Cecil Danisius, Katana Corr
Bakery owners threaten to jack up the prices of all bakery products from next Friday (24), if the government fails to provide them with a tax relief.
Chairman of the All Ceylon Bakery Owners’ Association, N. K. Jayawardena told The Island yesterday that the price of a loaf of bread had to be increased by Rs. 3 to Rs. 10 and other bakery products by Rs. 3 to Rs. 6. The rupee devaluation, huge increases in fuel prices and hikes in cost of transport and raw material including flour, vegetable oil, margarine and yeast had compelled them to take that decision, he said.
"We know that the general public is already burdened with rising cost of living. But we, too, find it impossible to continue without price increases. All we demand from the government is a tax relief so that the industry owners can maintain the prices otherwise we will have to increase the prices of bakery products from February 24 onwards," Jayawardena said.
The executive committee of the association had met on February 17 and arrived at the decision, he said adding that the association had sought meetings with Trade and Consumer Affairs Minister Johnston Fernando but in vain.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=45668
No comments:
Post a Comment