සන්ධ්‍යා කරුණාරත්න
අප්‍රිකාවේ ටෝගෝ රාජ්‍යයේ සිට මෙරටට පැමිණි කිසිදු ශ්‍රී ලාංකිකයකුට එරට ව්‍යාප්ත වෙමින් පවතින කහ උණ හා මැලේරියාව රෝගය වැළඳී නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
අප්‍රිකාවේ ටෝගෝ රාජ්‍යයේ සිර වී සිටි ශ්‍රී ලංකිකයන් 220 දෙනකුගෙන් 33 දෙනකු මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමත් සමඟ ඔවුන්ගේ රෝග නිරීක්ෂණය කර රට තුළට ඇතුළු කිරීම ගුවන්තොටුපොළේ සෞඛ්‍ය අංශය මඟින් සිදුකෙරිණි.
ඒ අනුව පසුගියදා (17) මෙරටට පැමිණි පුද්ගලයන් 33 දෙනාගේ රුධිර සාම්පල් ලබාගෙන ඒවා පරීක්ෂණය කර අවසන් ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසුව ඔවුන්ට කිසිදු රෝගයක් නොමැති බවට ඔප්පු වීමෙන් අනතුරුව පෙරේදා (18) රට අභ්‍යන්තරයට යාම සඳහා ඔවුන් ගුවන්තොටුපළෙන් පිටත් කෙරිණ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ, විදේශ අමාත්‍යාංශයේ, ගුවන් තොටුපළේ කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව මේ පුද්ගලන්ගේ රෝග නිරීක්ෂණය කිරීම සිදුකෙරිණි.
අප්‍රිකාවේ සිර වී සිටින මේ ශ්‍රී ලාංකිකයන් 220 දෙනාගෙන් නව දෙනකු හා විසිඅට දෙනකු මීට පෙර මෙරටට ගෙන්වා ගත් අතර විසිඅට දෙනාගෙන් යුත් කණ්ඩායමේ පුද්ගලයන්ගේ රෝග නිරීක්ෂණය විධිමත් පරිදි සිදු නොකර රට තුළට මුදා හැරීමට කටයුතු කර තිබිණ. මේ විසිඅටදෙනා පදිංචිව සිටින ස්ථාන සොයා ඒ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලට දැනුම් දී ඔවුන්ගේ රෝග නිරීක්ෂණය කිරීම් මේ වන විට සිදුකෙරේ.
මේ පුද්ගලයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසුව සියලුදෙනාගේම රෝග නිරීක්ෂණය කර රට තුළට මුදා හැරීමට අදාළ බලධාරින් කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
http://www.dinamina.lk/2012/02/20/_art.asp?fn=n1202204
No comments:
Post a Comment