Monday, February 20, 2012

ජලයේ කිවුල අවුලට ජල පිරිපහදු ඒකකයක්

මහනුවර විද්‍යාඥයකුගේ අලුත්ම සොයාගැනීමක්

උපාලි කරුණාරත්න

ජලයේ අධික ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය හා කිවුල අවම කරමින් ජලයේ ගුණාත්මක භාවය සුරක්‍ෂිත කිරීම සඳහා වූ ජල පිරිපහදු ඒකකයක් ඉතා සාර්ථකව නිෂ්පාදනය කරන බව මහනුවර මූලික අධ්‍යයන ආයතනය පවසයි.

වියළි කලාපයේ ජලයෙහි පවතින ෆ්ලෝරයිඩ් ගැටලුවට මෙය සාර්ථක පිළිතුරක් වන බව එහි විද්‍යාඥ ජේ. පී. පද්මසිරි මහතා පැවසීය. තාක්ෂණ හා පර්යේෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි මේ ජල පිරිපහදු ඒකක ජලයේ ෆ්ලෝරයිඩ් ඇති ප්‍රදේශවල ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන දොළහක් වෙන්කර ඇති බව ද ජේ. පී. පද්මසිරි මහතා ප්‍රකාශ කළේය. දැනට වියළි කලාපයේ ස්ථාපිත කර ඇති මෙම ජල පිරිපහදු ඒකක ජලයේ ෆ්ලෝරයිඩ් ගැටලුවට සාර්ථක විසඳුමක් බව ද මහනුවර මූලික අධ්‍යයන ආයතනය ප්‍රකාශ කරයි.


http://www.dinamina.lk/2012/02/20/_art.asp?fn=n1202205

No comments:

Post a Comment