Monday, February 20, 2012

දියබෙදුම ගබඩාවේ වී සොරකමට සැකපිට ප්‍රා. සභා මන්ත්‍රී ඇතුළු 8 දෙනෙක්‌ රිමාන්ඩ්

කරුණාරත්න ගමගේ

වී අලෙවි මණ්‌ඩලයට අයත් පොළොන්නරුව, දියබෙදුම වී ගබඩාවේ සිදුවී තිබෙන මහා පරිමාණ වී සොරකම සම්බන්ධයෙන් බකමූණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ ඇලහැර ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් 08 දෙනා මේ මස 21 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස හිඟුරක්‌ගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් නාලක බණ්‌ඩාර මහතා නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ දියබෙදුම වී ගබඩාවේ භාරකරු ලෙස කටයුතු කළ බව කියන ඇලහැර ප්‍රාදේශීය සභාවේ එ.ජ.නි.ස. මන්ත්‍රීවරයකු වන බකමූණ, කොට්‌ටාපිටිය, පදිංචි නාමල් ආරච්චිලාගේ ලක්‍ෂ්මන් ජයකොඩි, දියබෙදුම ඇලිකිඹුලාව පදිංචි අලහකෝන් මුදියන්සේලාගේ අසංක චන්දිමාල් විඡේතිලක, දියබෙදුම ඇලිකිඹුලාව යාය 508 පදිංචි පත්තිනි කපුරාලලාගේ ප්‍රමෝද් දිනූෂ මධුශංක, දියබෙදුම කුසුම් සෙවන පදිංචි දෙලංකාවලගේ පුෂ්පකුමාර, දියබෙදුම ඇලකිඹුලාව යාය 508 පදිංචි නාගොල්ලේගෙදර සමරසිංහ, දියබෙදුම ඇලිකිඹුලාව යාය 508 පදිංචි මීගහගෙදර සෝමදාස, දියබෙදුම ඇලිකිඹුලාව කොටියාගල පන්සල පාර පදිංචි අලහකෝන් මුදියන්සේලාගේ රත්නායක, දියබෙදුම කටුකැලියාව නාගොල්ලාවත්තේගෙදර ගාමිණී අබේසුන්දර යන අටදෙනායි.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අදිකාරී සරත් කුමාර ජෝශප් මහතාගේ උපදෙස්‌ මත බකමූණ පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක පාලිත ඉලංගසේකර මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.


http://www.divaina.com/2012/02/20/news21.html

No comments:

Post a Comment