Monday, February 20, 2012

ඉඩම් හොරු අල්ලන්න විශේෂ විමර්ශන ඒකකයක්

මහින්ද අලුත්ගෙදර

කිසියම් පුද්ගලයෙකුගේ දේපළ නීත්‍යනුකූල නොවන ආකාරයෙන් අත්පත්කර ගෙන ඇත්නම් හෝ අත්පත් කර ගැනීම සඳහා තැත් කරන්නේ නම් ඒ පිළිබඳව දැනුම්දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කර තිබේ.

කිසියම් ඉඩමක අයිතිය වංචාකාරයින් හා බලපුළුවන්කාරයින් ඇතුළු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් අයුක්ති සහගත ලෙස අත්පත් කර ගෙන ඇත්නම් හෝ අත්පත් කර ගැනීමට තැත් කරන්නේ නම් ඉන් මුදාගැනීම සඳහා මෙම විශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම්දිය හැකිය. රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් හා මඟපෙන්වීම මත මෙය ස්ථාපිත කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් 0112 328138, 0112422176 දුරකථන අංකයන්ට හෝ 0112326937, 0112 380380 ෆැක්ස් අංකයට දැනුම්දිය හැකිය.

ඊට අමතරව දුරකථන අංක 1933 ක්ෂණික දුරකථන අංකයට ඇමැතීමෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට දැනුම්දිය හැකි බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. නිවාස, ව්‍යාපාරික ස්ථාන හා වතුපිටි යනාදිය වෙනත් පාර්ශ්වයන් විසින් ව්‍යාජ ඔප්පු සකස් කර ඒවායේ අයිතිය පවරා තිබේ නම් හෝ එසේ පවරා ගැනීමට තැත් කරන්නේ නම් මෙම විමර්ශන ඒකකයට පැමිණිලි කළ හැකි වන අතර එසේම යම්කිසි පාර්ශ්වයක් විසින් විවිධ ක්‍රමවලින් බිය ගන්වා හෝ වෙනත් ආකාරයක තර්ජනයක් කරමින් නීත්‍යනුකූල අයිතියක් ඇති දේපළ පැහැර ගැනීමට තැත්කිරීම් සම්බන්ධයෙන්ද පැමිණිලි කළ හැකි බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.


http://www.dinamina.lk/2012/02/20/_art.asp?fn=u1202208

No comments:

Post a Comment