අකිත පෙරේරා
ඇමරිකානු ඩොලරය ඉහළ යැම සහ ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් ලබන සතියේ පමණ සිට සිමෙන්ති මිටියක මිල රුපියල් පහත් දහයත් අතර මිලකින් වැඩි වන බව ජාතික සමුපකාර මණ්ඩලය කියා සිටී.
දැනට මෙරට තුළ පවතින්නේ පරණ සිමෙන්ති තොග බවද ලබන සතියේ සිට නව තොග වෙළෙඳපොළට නිකුත් කරන විට අදාළ මිල ඉහළ යැම සිදුවන බවද එම මණ්ඩලයේ අලෙවි කටයුතු භාර නිලධාරි විපුල් පෙරේරා මහතා "දිවයින"ට ඊයේ (16 දා) පැවසීය.
කෙසේ වෙතත් රුපියල් පහත් දහයත් අතර ප්රමාණයකට වඩා සිමෙන්ති මිටියක මිල ඉහළ නොයන බවද හෙතෙම වැඩිදුරටත් කීය.
මේ අතර මීටර් සහිත ත්රිරෝද රථ හිමියන් ද සිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇත.
එA අනුව කිලෝමීටරයක් සඳහා රුපියල් 02 කින් මිල ඉහළ දමන බව සමස්ත ලංකා ත්රිරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා "දිවයින"ට පැවසීය.
එසේ වුවද ආරම්භක ගාස්තුව රුපියල් 50 එලෙසම පවතින අතර නවතා තැබීමේ ගාස්තුව රුපියල් 90 සිට 120 දක්වා වැඩි කළ බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.
http://www.divaina.com/2012/02/17/news22.html
කෝප් සිමෙන්ති මිල රු. 10කින් ඉහළට
ගයාත්රි ගීගනආරචිචි
ජාතික සමුපකාර මණ්ඩලය විසින් මෙරටට ආනයනය කරන ලද කෝප් සිමෙන්ති මිල ලබන සතියේ සිට රුපියල් දහයකින් ඉහළ නැංවීමට එම මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ජාතිකසමුපකාර මණ්ඩලයෙන් සිමෙන්ති බෙදාහරින්නන්ට විකිණූ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 670 සිට 680 දක්වාත්, පෞද්ගලික ගැනුම්කරුවන්ට විකිණූ මිල රුපියල් 675 සිට 685 දක්වාත් ඉහළ යනු ඇත.ඩොලරයේ මිල ඉහළ යාම සහ ඉන්ධන මිල සීඝ්රයෙන් ඉහළ යාම මත මෙලෙස කෝප් සිමෙන්ති මිල ඉහළ දැමීමට ජාතික සමුපකාර මණ්ඩලය තීරණය කර තිබේ.
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=1793:xxzc&catid=82:us-politics&Itemid=457
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=1793:xxzc&catid=82:us-politics&Itemid=457
No comments:
Post a Comment