Wednesday, February 1, 2012

Death of chicken - Bird flu threat? (2 items)

ශ්‍රී ලංකාවට කුරුළු උණ අවදානමක්?

බිංගිරිය ප්‍රදේශයේ කුකුළු ගොවිපොළක කුකුළන් විශාල පිරිසක් එකවර මිය යාම සම්බන්ධයෙන් පශු සම්පත් හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව පවත්වන පරීක්‍ෂණයේදී ඉන් එක් කුකුළකු මියගොස් ඇත්තේ කුරුළු උණට සමාන රෝග ලක්‍ෂණවලින් යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියි. ඊයේ රාත්‍රී සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.

එහි මෙසේ ද සඳහන් වේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ප්‍රදේශයේ කුකුළු ගොවිපළක කුකුළන් සෑහෙන ප්‍රමාණයක් එක්වර මිය යාම සම්බන්ධයෙන් පශු සම්පත් හා සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණ පවත්වා තිබේ. මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ඊයේ (31) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ සාකච්ඡාවට වයඹ පළාත් සෞඛ්‍ය නිලධාරීන්, වසංගත රෝග විද්‍යා අංශයේ නිලධාරීන්, වෛද්‍ය පර්යේෂණායතනය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් වෛද්‍ය සැපයීම් අංශයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. ඒ අනුව මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි පූර්ව සූදානමක් වශයෙන් බිංගිරිය හලාවත හා හෙට්ටිපොළ රෝහල්වලට අදාළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුම්වත් කිරීම සඳහා වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙන අතර, මේ තත්ත්වය පිළිබඳ තවදුරටත් සොයා බැලීම සඳහා වසංගත රෝග විද්‍යා අංශයේ විශේසඥ වෛද්‍ය කණ්ඩායම් 02 ක් හෙට දින බිංගිරිය හා අවට රෝහල්වලට යාමට නියමිතය.

රෝගය පැතිරීම වැළැක්වීම හා ප්‍රතිකාර සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශන අනුව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පියවර අද දින ගනු ලැබීය. එමෙන්ම මේ පිළිබඳව දිනපතා සමාලෝචනය කිරීමට ද ඒ සඳහා සියලුම අංශවල සහභාගිත්වයෙන් එම සමාලෝචනය පැවැත්වීමට ද පියවර ගෙන ඇත. මියගිය කුකුළන් අතරින් එක් කුකුළෙක් මිය ගිය රෝග ලක්‍ෂණ කුරුළු උණ රෝග ලක්‍ෂණවලට සමාන වුවද එය කුරුළු උණ බවට මෙතෙක් පරීක්‍ෂණවලින් තහවුරු වී නැත.


http://www.dinamina.lk/2012/02/01/_art.asp?fn=n12020115


Puzzling death of chicken

Waruna Padmasiri

The Department of Livestock and Animal Husbandry has investigated the death of a large number of chickens at a farm in the Bingiriya area in the Kurunegala district. It has been found that one of the dead chickens had bird flu symptoms. However it was not confirmed that the death was caused by bird flu.

A special discussion was held at the Ministry of Health under Additional Secretary of Health P Mahipala yesterday afternoon.

Two teams of specialist doctors from the Contagious Disease Research division are scheduled to visit the Bingiriya and nearby areas today. As a precautionary step, staff at Bingiriya, Chilaw and Hettipola hospitals are being briefed about containing the spread and treatment of the disease, in accordance with the World Health Organisation guidelines.

http://www.dailynews.lk/2012/02/01/news12.asp

No comments:

Post a Comment