Tuesday, February 7, 2012

Southern Expressway - Don't drive drunk

බීමත්ව අධිවේගී මඟට ඇතුළු වෙන්න එපා!

සුභාෂිනි සේනානායක

අධිවේගී මාර්ගයේ සිදුවන රිය අනතුරුවලට හේතුව වී ඇත්තේ බීමත්ව අධික වේගයෙන් රිය පැදවීම බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් ඒකකය ප්‍රකාශ කරයි.

පසුගිය 03 දා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරට හේතුවත් බීමත්ව රිය පැදවීම සහ ආසන පටි පැළැඳ නොසිටීම බව මේ වන විට තහවුරු වී ඇති බව පැවසූ පොලිස් ආරංචි මාර්ග මිය ගිය පුද්ගලයාගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂක වෙත යවා ඇති බවද පවසයි. මේ පරීක්ෂක වාර්තාව ලබා ගැනීමෙන් පසු අනතුරුව හේතුව තහවුරු කර ගත හැකි බව දක්ෂිණ අධිවේගී පොලිස් ඒකකය පවසයි.

බීමත්ව අධිවේගයට ඇතුළු නොවන ලෙසද ඉල්ලීමක් ද කරයි.

http://www.dinamina.lk/2012/02/07/_art.asp?fn=n12020712

No comments:

Post a Comment