Sunday, March 18, 2012

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කෝ!

වසරක්‌ පාසා ඇතිවෙමින් පවතින නියඟය ජල ගැලීම් හා නාය යැම් මෙන්ම සුළි සුළං ආදී ස්‌වාභාවික විපත් පාලනය කරගෙන නිසි කලට මෝසම් වැසි ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ප්‍රකාශ වූයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පළමු වැනි ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් දෙමසක්‌ ගත වීමට පෙර හෙවත් 2006 ජනවාරි මාසයේදීය. ඒ බව එකල පළවූ පුවත්පත් වාර්තාවලින්ද සනාථ වේ.එ හෙත් එය තවම සිදුවී නැති බැවින් යථෝක්‌ථ හානිදායක තත්ත්වයන් දිගටම පවතී.

අපේ සම්ප්‍රදායික කෘෂිකාර්මික කල රටාවෙන් ඉවත් වී කෘමි බෝවීම අඩු කෝණ කාලයක්‌ ගත වීමෙන් පසු අකලට කුඹුරු වගා කරවීම නිසා ශ්‍රී ලංකාවට හිරු මුදුන් වීම අනුව පරිසර උෂ්ණත්වය උපරිම ලෙස වැඩිවන මාර්තු අප්‍රේල් හා සැප්තැම්බර් ඔක්‌තෝබර් යන කාලයන්හි හෙක්‌ටයාර් දස ලක්‍ෂයක්‌ (1000000) හෙවත් රටේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට පහළොවක්‌ (15%) පමණවූ කුඹුරු ඉඩම් ප්‍රමාණයක්‌ ජලය නොමැතිව වේළෙමින් තිබීම නිසා පරිසර උෂ්ණත්වය වැඩිවීමෙන් නියඟය ඇතිවේ. දිගු කාලීන නියඟයකින් පසු ඇතිවන අකල් මහ වැසි නිසා ජල ගැලීම් හා නාය යැම් මෙන්ම සුළි සුළං ආදී ස්‌වාභාවික ආපදා වසරක්‌ පාසා ඇතිවේ. අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට උෂ්ණත්වය වැඩිවීමෙන් සිදුවන හානි පිළිබඳව 2010 අප්‍රේල් 18 වැනි දින දිවයින ඉරිදා සංග්‍රහයේ 3 වැනි පිටුවේ කාලගුණ අධ්‍යක්‍ෂක ජනරාල් ජී. බී. සමරසිංහ මහතා නමින් "වැහිනැති හෙණක්‌ කඩා වැටෙන අනතුරක්‌" යන සිරස්‌ තලය යටතේ පළවී තිබුණු ලිපියෙන් ද විස්‌තර කර ඇත. එහෙත් එවැනි ලිපි ගැන අවධානය යොමු කරන බලධාරීන් අප රටේ නැතුවා සේය.

නියඟය ඇති කිරීමෙන් සිදුවන ජල හිඟතාවය අනුව ජල විදුලිය නිපදවීම අඩුවන බැවින් ඩීසල් විදුලි බලාගාර ආදිය ක්‍රියාත්මක කරවීම සඳහා විශාල මුදල් සම්භාරයක්‌ වියදම් කිරීමට සිදුවී ඇත. එමෙන්ම වැඩිවන ස්‌වාභාවික විපත් අනුව ආපදා කළමනාකරණය වෙනුවෙන් දැරීමට සිදුව ඇති වියදම්ද ඉතා විශාලය. එපමණක්‌ නොව මෝසම් වැසි රටාව වෙනස්‌ වීම අනුව සිදුවන කාලගුණ විපර්යාසය නිසාම පොල්, දෙල් කොස්‌ හා අඹ කජු ආදියේ මෙන්ම සුළු අපනයන බෝගයන්ගේද ඵලදාව අඩුවී ඇත.

ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම අනුව පරිසර උෂ්ණත්වය උපරිම ලෙස වැඩිවන මාර්තු අප්‍රේල් හා සැප්තැම්බර් ඔක්‌තෝබර් යන කාලයන්හි හේකටයාර් දස ලක්‍ෂයක්‌ (1000000) හෙවත් රටේ මුළු බිම් ප්‍රමාණයෙන් 15% පමණ වූ කුඹුරු ඉඩම් තෙත්ව තිබීම සඳහා අපේ සම්ප්‍රදායික කෘෂිකාර්මික කාල රටාව අනුව යල් මෝසම් සඳහා මාර්තු මාසයේත් මාස්‌ මෝසම සඳහා සැප්තැම්බර් මාසයේත් දෙවැනි සතිය ගත වීමට පෙර කුඹුරු වගාව සඳහා වාරි ජලය සපයා එයට සමගාමීව බිත්තර වී, පොහොර හා කෘෂි රසායන ආදි යටිතල පහසුකම් සපයන්නේ නම් උෂ්ණත්වය වැඩිවන කාලයේ පරිසරය සිසිල්වීම අනුව නිසි කලට මෝසම් වැසි ලැබීමෙන් පාරිසරික හා ආර්ථික විනාශය පාලනය කරගත හැකිවේ. කොටි ත්‍රස්‌තවාදය පරාජය කළා සේම මේ ගැනද අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු වන්නේ නම් මැනවි.


විශ්‍රාමලත් ජනපද නිලධාරි ඒ. කේ. ගමගේ

http://www.divaina.com/2012/03/18/feature19.html

No comments:

Post a Comment