ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ යෑයි පැරැණි කියමනක් තිබේ. එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්‌තවාදීන් විසින් උතුර සහ නැගෙනහිර පළාත්වලින් බලහත්කාරයෙන් පලවාහරිනු ලැබූ සහ යුද්ධය හේතුවෙන් ගම් බිම් අතහැර ඇඳිවත පිටින් හමුදා පාලන ප්‍රදේශවලට පැමිණි උතුර සහ නැගෙනහිර පළාත්වල මුල් පදිංචිකරුවන් වන සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාවටද අද අත්වී ඇත්තේ ද මේ හා සමාන අවාසනාවන්ත තත්ත්වයකි.
අද "දිවයින ඉරිදා සංග්‍රහය" තුළින් අපි අනාවරණය කරන්නේ උතුර සහ නැගෙනහිර පළාත්වල මුල් පදිංචිකරුවන්ට අද අත්වී ඇති අවාසනාවන්ත ඉරණම පිළිබඳවයි.
උතුර සහ නැගෙනහිර පළාත් එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්‌තවාදීන්ගේ පාලන බලය යටතේ පැවැති සමයේ කොටි ත්‍රස්‌තවාදීන් විසින් මුලින්ම සිදු කළේ උතුර සහ නැගෙනහිර පළාත්වල පදිංචිව සිටි සිංහල ජනතාව එම ප්‍රදේශවලින් පලවා හැරීමයි. ඉන් අනතුරුව මුස්‌ලිම් ජනතාව ද එල්. ටී. ටී. ඊ. සංවිධානයට විරුද්ධ දෙමළ දේශපාලන පක්‍ෂවල ආධාරකරුවන් ද පවුල් පිටින් උතුර සහ නැගෙනහිර පළාත්වලින් පලවා හරිනු ලැබීය.
Read full story: http://www.divaina.com/2012/03/18/feature20.html
No comments:
Post a Comment