සත්වෝද්‍යානයක් තුළ සතුන් කොටු කර තබා ගැනීම අනුමත කළ හැක්‌කක් නොවේ. එබැවින් කාලයක් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩු සතුන්ගෙන් තොරව පැවතීම ගැන මා හට තිබුණේ සොම්නසකි. එහෙත්, ජාතික ආයතනයක් ලෙස දෙහිවල සත්වෝද්‍යානයට මුදල් ගෙවා පැමිණෙන බොහෝ දෙනකු කාලයක් නැඟූ මැසිවිලිද මම හොඳින් අසා ඇත්තෙමි. එක්‌කෝ සත්තු වත්තේ අපිsරිසිදු බව (එකල පැවති) හෝ ඇතැම් කූඩු සත්තු නොමැතිව වසා දමා ඇති බව ඔවුන්ගේ මැසිවිලිවලින් නිතර කියෑවිණි. එසේම ජාතික ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වීමේදී මෙවන් අඩුපාඩු දුරලා ක්‍රියාත්මක වීමේ වැදගත්කම ගැනද කතා නොකර බැරිය. එසේ වුවහොත් අප කැමති වුවත් නැති වුවත් සත්තු වත්ත සතුන්ගෙන් පිරුණු තැනක් විය යුතුව ඇත. එහෙත් එහි විවිධත්වය මෙහිදී ඉතා වැදගත්ම හා ආකර්ෂණීයම කාරණයද වේ. අපේ රටේ පමණක් දිවිගෙවන සතුන්ගෙන් සත්වෝද්‍යානය පුරවාලන්නේ නම් වුවද සත්වෝද්‍යානයට මහජනයා ඒමට කැමැත්තක් දක්‌වතියි සිතිය නොහැකිය. එබැවින් විදේශයන්ගෙන් මෙන්ම විවිධත්වයෙන්ද යුත් සතුන්ගේ ආගමනය සත්තු වත්තක ආකර්ෂණයට මෙන්ම ආර්ථික ලාභයටද හේතුවක් වෙයි. 2004 වර්ෂයේ සැප්තැම්බර් 18 වැනිදා රුසියාවේ මොස්‌කව් සත්වෝද්‍යානයේ සිට සත්ත්ව හුවමාරු වැඩසටහනක් ලෙස මිලෙන් අධික හා අලංකාරවත් රෝසි සහ බින්දු නමැති මොල්ලි දෙකේ ඔටුවන් යුගලය ගෙන ආවේ. මෙවන් අඩුපාඩු මකාදමා අපගේ සත්වෝද්‍යානය චිත්තාකර්ෂණීය තැනක් කිරීම සඳහාය.
Read full story: http://www.divaina.com/2012/03/18/feature05.html
Read full story: http://www.divaina.com/2012/03/18/feature05.html
No comments:
Post a Comment