Sunday, March 18, 2012

අපේක්‍ෂිත ආර්ථික වර්ධනය පහත වැටේවි

- මහ බැංකුව කියයි

ශ්‍යාම් නුවන් ගනේවත්ත

මේ වසර (2012) සඳහා අපේක්‍ෂා කළ සියයට 8 ක ආර්ථික වර්ධනය සියයට 7.2 දක්‌වා පහත වැටෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ඇස්‌තමේන්තු වලින් අනාවරණය වී තිබේ.

මීට හේතුවී ඇත්තේ ඉන්ධන මිල ඉහළ යැම, ණය වර්ධනය සීමා කිරීම සහ ආනයන ආශ්‍රිත කටයුතු පහත යැම යනාදී හේතු මගින් දේශීය ආර්ථික කටයුතුවල ක්‍රියාකාරිත්වයට ඇතිවන අහිතකර බලපෑම්ය. 2012 අපේක්‍ෂිත ආර්ථික වර්ධනය මෙලෙස සියයට 7.2 ක්‌ දක්‌වා අඩුවනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර ඇත.

එසේම මේ වසරේදී උද්ධමනය තවදුරටත් තනි ඉලක්‌කමක සහ අඩු මට්‌ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව පවසයි.


http://www.divaina.com/2012/03/18/news04.html

No comments:

Post a Comment