Thursday, February 2, 2012

තේ අපනයන ආදායමෙන් පසුගිය වසරේ වාර්තාගත ආදායමක්‌ ලැබුවා

- ඇමැති මහින්ද සමරසිංහ

තුෂාරී කළුබෝවිල

තේ නිෂ්පාදිත රටවල් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් ඒකරාශීව ක්‍රියාත්මක වීම සඳහා කාර්ය සාධනයක්‌ සකසන ලෙස ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයෙන් ඉල්ලා සිටි බව වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා "දිවයින" ට පැවසීය.

පසුගියදා කොළඹ පැවති 20 වැනි ජාත්‍යන්තර තේ සමුළුවේදී තමා මෙම ඉල්ලීම කළ බව ඇමැතිවරයා කීවේය.

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදිතය ඉහළ නැංවීමට සහ නිෂ්පාදිත ධාරිතාව වැඩිකර ගැනීම සඳහා අවශ්‍ය තාක්‌ෂණික ඥනය මෙන්ම අනෙකුත් සහායන් තේ නිෂ්පාදනයේ ප්‍රමුඛස්‌ථානයේ සිටින රටවලින් ලබාගැනීමට මෙම සමුළුවේදී සාකච්ඡා කළ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙරට තේ නිෂ්පාදනයෙන් 76% ක්‌ නිපදවන කුඩා තේ වතු හිමියන්ගේ සහන සේවා හා සම්පත් ඉහළ නැංවීමත් සමග තේ කර්මාන්තය ආශ්‍රිතව ආර්ථික ප්‍රතිලාභ ඉහළ ගිය බවත්, පසුගිය වසරේÊතේ අපනයනයෙන් රුපියල් බිලියන 1.5 ක වාර්තාගත ආදායමක්‌ ශ්‍රී ලංකාව ඉපයූ බව 20 වැනි ජාත්‍යන්තර තේ සමුළුවේදී තමා ජාත්‍යන්තර නියෝජිතයන්ට පෙන්වා දුන් බවත් හෙතෙම පැවසීය.


http://www.divaina.com/2012/02/02/news03.html

No comments:

Post a Comment