Thursday, February 2, 2012

තංගල්ල මුහුදේ ටොනඩෝවෙන් හානියක්‌ නෑ

තුෂාරී කළුබෝවිල

තංගල්ල නගරය ආසන්නයේ මුහුදේ පෙරේදා (31 වැනිදා) සවස 6.00 ට පමණ ඇති වූ ටොනඩෝ තත්ත්වයෙන් කිසිවෙකුටත් හානි සිදු නොවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.

මේ දිනවල දහවල් කාලයේ පවතින දැඩි උණුසුම හේතුවෙන් මුහුද අධිකව රත්වීම නිසා මුහුදු ජලය බටයක ආකාරයට ඉහළ අහසට ඇදී යන බව කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස්‌ මහතා "දිවයින"ට පැවැසීය.

මුහුදේ හටගන්නා මෙවැනි ටොනඩෝවක්‌ සමඟ මත්ස්‍යයන් විශාල ප්‍රමාණයක්‌ ඉහළ අහසට ඇදී ගොස්‌ වළාකුළු මත රැඳෙන අතර එම වළාකුළු පාවී වෙනත් ස්‌ථානයකට යැමෙන් හටගන්නා වැස්‌සත් සමඟ මත්ස්‍යයින් බිම පතිත වන බව මෙන්ඩිස්‌ මහතා කීවේය.


http://www.divaina.com/2012/02/02/news15.html

No comments:

Post a Comment