Saturday, February 18, 2012

කඳ සුරිඳු අඩවියේ මහ පාරේ මැණික්


දැනට කැණීම් කිරීම තහනම් කර ඇති නිසා පාර දෙපස බොරලු ගොඩවල් අවුස්සන අය.

පයට පෑගුණත් මැණිකෙ අගය කනා දන්නෙ නැත” එහෙත් ඇස් ඇති අය මහ පාරේ මැණික් සොයන්නට ගත්තේ අද ඊයේ නොවේ.

මීට පෙර ද අපේ ඇත්තෝ මහ පාරේ මැණික් ගැරුහ. පසුගිය දා කතරගම තිස්සමහාරාමය, ලුණුගම්වෙහෙර, ආදි අවට ගම්වාසින් පමණක් නොව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයෝ එක්දහස් නවසිය අසූ හත වසරේ ඉදිකරන ලද කතරගම කඳසුරිඳුගම විහාරමහා දේවි චෛත්‍ය ප්‍රදේශයේ මහා මාර්ගවල මැණික් සොයන්නට වූහ.

“පාරට දැමු පස්වල මැණික් හමුවෙලා” මෙය කාටත් පුදුම උපදවන ප්‍රවෘත්තියක් වූයේය. ඇතැමෙක්ට වටිනා මැණික් ගල් ලැබී තිබිණ. නැති බැරි නැති කර ගැනීම සඳහා අවට ගැමියෝ මහාමාර්ගයේ මැණික් සොයද්දි රත්නපුරය, කහවත්ත, පැල්මඩුල්ල ආදි ප්‍රදේශවලින් පැමිණි මැණික් ව්‍යාපාරිකයෝ දින ගණනාවක් මේ ප්‍රදේශයේ නතර වී මැණික් සොයන්නට පටන් ගත්හ. ඇතැමෙක් අවට නිවාස වලින් කුලියට ගත් කාමර වල ළැගුම් ගත්හ.

“මහ පාරෙන් මැණික් මතුවීම” කාටත් කුතුහලය දනවන කතාවේ සත්‍ය සොයා යාම අපේ අරමුණ විය.

එක්දහස් නවසිය අසූහත වසරේ ගම්උදාව වෙනුවෙන් ඉදිවූ ලුණුගම්වෙහෙර කතරගම මාර්ගය නැවත පුළුල් කර සංවර්ධනය කිරීම සඳහා පාරට දැමීම සඳහා කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට අයත් ඉඩමකින් මෙම පාර පිරවීම සඳහා ඉකුත් දා පස් ගෙනත් දමා ඇත්තේය. ප්‍රදේශ වාසින්ට වටිනා නිල් මැණික් හමු වූයේ මේ ගෙනත් දමන ලද පස් ගොඩවල්වල තිබීමෙනි. ඇතැමෙක් මැණික් සොයා යද්දි තවකෙක් යන්නන් වාලේ මැණික් සොයන්නට වූහ.


Read full article: http://www.silumina.lk/2012/02/19/_art.asp?fn=af1202199

No comments:

Post a Comment