දකුණේ පාරම්පරික පිත්තල භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය නැති වී යන තත්ත්වයට පත්ව ඇත. පවුල් 2000 කට ආසන්න පිරිසක් මෙම කර්මාන්තයේ නිරතව සිටියත් ඒ ප්‍රමාණය පවුල් 300 ට පමණ සීමාවිණි. අද වන විට පවුල් පහ දක්වා අඩුවී තිබේ.
දකුණේ පිත්තල භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයට ප්‍රසිද්ධ බෙලිඅත්ත අඟුල්මඩුවයි. අද මිනිස්සු අතේ වැඩිපුර වියදම් කරන්න සල්ලි නැහැ. ඒ නිසා ඔවුන් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගන්නවා. අපේ පිත්තල භාණ්ඩ මිලදී ගැනීම හරිම අඩුයි.
බෙලිඅත්ත, අඟුල්මඩුවේ පිත්තල වැඩපොළ පවත්වාගෙන යන රෝහණ කුමාර කීවේය.
කර්මාන්තය ඇද වැටීමට හේතුªවූ කාරණා කීපයක්ද ඔහු තවදුරටත් විස්තර කළේය.
පිත්තල හදන්න ගන්නේ තඹ, තුත්තනාගම් වැනි අමුද්‍රව්‍යයි. දැන් මේ අමුද්‍රව්‍යවල මිල වැඩිවෙලා. ඒ නිසා පරණ පිත්තල ගෙනවිත් උණු කරලයි අපි පිත්තල භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ. පරණ පිත්තල බඩු එකතු කර ගන්න දුර බැහැර ප්‍රදේශවලට යනවා. එහෙම ගිහින් එක්රැස් කර ගන්න ඒවා වාහනයක පටවාගෙන එන විට ප්‍රවාහන වියදම් වැඩියි. ඒ නිසා නිෂ්පාදන වියදම වැඩියි. නිෂ්පාදන වියදම වැඩිවුණා කියලා භාණ්ඩ මිල වැඩිකර විකුණන්න බැහැ.
වසර 15 ක් අඛණ්ඩව පිත්තල භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ යෙදී සිටි ගමපහළගේ විමලසේන සිය පාරම්පරික කර්මාන්තය අද පත්ව ඇති තත්ත්වය ගැන කණගාටුවෙන් කතා කළේය. නිෂ්පාදන වියදම වැඩි නිසා හදන බඩුවල මිලත් වැඩියි. ඒ නිසා විකිණෙන ප්‍රමාණය අඩුයි. මේ කර්මාන්තයේ නිරත වෙලා ජීවත් වෙන්න බැහැ. මාසයකට නිෂ්පාදන භාණ්ඩ දෙකක්වත් විකුණාගන්න බෑ. කර්මාන්තයට පුහුණු ශ්‍රමිකයින්ද නැහැ.
පෙරදී වැල්ඩීන් කූරක් රුපියල් 30 යි. මේ වන විට රුපියල් 150 ක් වෙලා.
තරුණ වියේ සිට පිත්තල භාණ්ඩ නිෂ්පාදනයට කොට ජීවත් වූ කොහුලියද්ද වඩුගේ විශ්වනගේ වයස දැන් අවුරුදු 76 කි. ඔහු තම පවුලේ පස් දෙනෙක් ජීවත් කළේ මෙම රැකියාවෙනි. මේ ඔහුගේ අදහස්ය. පරණ පිත්තල උණුකිරීමට යොදා ගන්නේ ඩීසල්, දැවිතෙල්, භූමිතෙල්. මේවායේ මිල අධිකයි. කර්මාන්තය බිඳ වැටීමට ද එය හේතු වී ඇත. දැවි තෙලුත් මිල වැඩියි. බැරල් එකක් රුපියල් පන්දහසක් පමණ වෙනවා. මෙම තත්ත්වය සමගින් පිත්තල කර්මාන්තයෙන් දිවි ගෙවන්නන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබේ. පාරම්පරිකව රැකගෙන ආ මේ කර්මාන්තය පරිහානියට පත්වීම ගැන ඔවුහු දැඩි වේදනාවට පත්ව සිටිති.
ඡායාරූප-මාතර සංචාරක
http://www.dinamina.lk/2012/02/06/_art.asp?fn=r1202064

No comments:
Post a Comment