ජයසිරි පේදුරුආරච්චි – ගන්දර සමූහ
මාතර නිල්වලා ගඟේ ඉවුරු ගොඩකරමින් තම ඉඩම් පුළුල් කර ගන්නට ඇතැම් පිරිස් ක්‍රියා කිරීම නිසා පාරිසරික ගැටලු රැසක් මතුවෙමින් තිබේ.
ගංඟා රක්ෂිතයේ පිහිටි කඩොලාන ශාක ද කපා දමා ගංඟා ඉවුරේ වැටි බැඳ පස් හා නිවෙස් කඩා ඉවත් කරන ගඩොල් කැබලි, කොන්ක්‍රීට් කොටස් හා පස් ආදිය ගෙනැත් දැමීම මගින් මෙම හානිය සිදුකරන ආකාරය දැකගත හැකිය.
මේ හේතුව නිසා ගං ඉවුරේ ආරක්‍ෂාවට ඇති මහ කඩොල්, කිරළ, ගිංපොල්, කටු ඉකිරිය ආදී කඩොලාන ශාකවල වර්ධනයට ද ප්‍රබල ගැටලුවක් වෙමින් තිබේ.
http://www.dinamina.lk/2012/02/06/_art.asp?fn=n1202069
No comments:
Post a Comment