දිවයින පුරා විදුලිය නැති පවුල් ලක්ෂ 5 කට භූමිතෙල් සහනාධාරය දීම 19 වැනිදා ඇරඹේ
මසක වියදම දශලක්ෂ 80 යි
ශ්‍යාම් නුවන් ගනේවත්ත
දිවයින පුරා විදුලිය නොමැති පවුල් ලක්ෂ පහකට භූමිතෙල් සහනාධාරයක් ලබාදීමේ වැඩපිළිවෙළ අනිද්දා (19 දා) සිට දිවයින පුරා ආරම්භ කරන බව සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
විදුලිය නොමැති සෑම නිවසක් සඳහාම මසකට රුපියල් දෙසීයක් වටිනා ඉන්ධන සහනාධාරයක් මේ යටතේ ලබා දෙන අතර මේ සඳහා මසකට රු. දශලක්ෂ 80 කට ආසන්න මුදලක් වැය වන බව සමෘද්ධි කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් චන්ද්‍රd වික්‍රමසිංහ මහත්මිය කීවාය.
මසකට ලීටර් හයකට ආසන්න භූමිතෙල් මිලදී ගැනීමේදී ඉන්ධන මිල ඉහළ යැම නිසා අතිරේකව වැයවන මුදලට සමාන මුදලක් ලෙස මෙම සහනාධාරය ලබාදේ. දිස්ත්‍රික්ක 25 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 330 ක් මුල්කරගෙන ඉකුත් පෙබරවාරි 15 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මේ සහනාධාරය ලබාදීම, සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බවද ඇය කීවාය.
විදුලි බලය නොමැති එකම නිවසක නිවැසියන්ට ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරී විසින් ග්‍රාම නිලධාරිවරයාගේ සහතිකය මත අදාළ සහනාධාර කාඩ්පත ලබාගත හැකිය. එම කාඩ්පත ප්‍රදේශයේ විවිධ සේවා සමුපකාර ප්‍රාදේශිකය හෝ ප්‍රාදේශීය ලේකම් විසින් අනුමත කරනු ලබන අලෙවි නියෝජිත වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමෙන් මේ භූමිතෙල් සහනය ලබාගත හැකි බවද කොමසාරිස් ජනරාල්වරිය අවධාරණය කළාය.
http://www.divaina.com/2012/02/17/news21.html
විදුලිය නොමැති සෑම නිවසක් සඳහා සහනාධාරයක්
විදුලිය නොමැති සෑම නිවසක් සඳහාම මසකට රුපියල් දෙසීයක් වටිනා භූමිතෙල් සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බවත්, ඒ අනුව වතුකරයේ ඇතුළු පවුල් ලක්ෂ පහකට එම සහනාධාරය හිමිවන බවත් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කරයි. මෙම භූමිතෙල් සහනාධාරය පෙබරවාරි 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ලබාදෙන අතර, සමෘද්ධි කොමසාරිස් ජනරාල් කාර්යාලය හා දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙම ඉන්ධන සහනාධාරය ලබාදීමට නියමිතය.
දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 330ක් මුල්කරගෙන භූමිතෙල් සහනාධාරය ලබාදීමේ වැඩසටහන ලබන 19 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
මෙම සහනාධාරය ලබාදීම සඳහා රජය විසින් මාසිකව රුපියල් මිලියන 80ක මුදලක් වැය කරන බවද ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කරයි. මසකට එක් නිවසක භූමිතෙල් ලීටර හයක් භාවිතා කරන බව උපකල්පනය කර, ඒ හා සමාන ලෙස ඉන්ධන සහනාධාරය ලබාදේ.
සමෘද්ධිලාභීන්ට මෙන්ම විදුලි බලය නොමැති ඕනෑම නිවසක නිවැසියන්ට, ග්‍රාම සේවක සහතිකය මත සමෘද්ධි සංවර්ධන නිලධාරියාගෙන් භූමිතෙල් සහනාධාර කාඩ්පත ලබාගත හැකි බවද ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
මෙම සහනාධාර කාඩ්පත ප්‍රදේශයේ විවිධ සේවා සමුපකාර ප්‍රාදේශිකය හෝ ප්‍රාදේශීය ලේකම් විසින් අනුමත කරනු ලබන අලෙවි නියෝජිත වෙළෙඳසලකට හෝ ඉන්ධන පිරවුම්හලකට ඉදිරිපත් කිරීමෙන් අදාළ සහනාධාරය ලබාගත හැකි බවද ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=1795:det&catid=81:europe&Itemid=457
ඉන්ධන සහනාධාර දීමට කඩිනමින් පියවර ගන්න
- රජය දිසාපතිවරුන්ට දන්වයි
විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
ධීවර යාත්‍රා හිමියන්ට ඩීසල් හා භූමිතෙල් සහනාධාරය ලබාදීමට අවශ්‍ය විධිවිධාන කඩිනමින් යොදන ලෙස රජය දිසාපතිවරුන්ට දන්වා ඇත. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය මගින් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර දැනුම් දෙන තුරු ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 12 ක සහනාධාරයක් ද, භූමිතෙල් ලීටරයක් සඳහා රු. 25 ක සහනාධාරයක් ලබාදෙන ලෙසද ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යංශය දිසා ලේකම්වරුන්ට දන්වයි.
ධීවර යාත්‍රා හිමියන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ග්‍රාම නිලධාරී සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සහතිකයක් අවශ්‍ය බව එම ලිපියේ දැක්වේ. ඩීසල් හා භූමිතෙල් මෙම යාත්‍රාවලට ලබාදීමට පියවර ගන්නා ලෙස ඉන්ධන හල් හිමියන්ට උපදෙස් ලබාදෙන ලෙසත් අවශ්‍ය ඉන්ධන, පිරවුම් හල්වලට ණය පදනම මත ලබාදීමට ඛනිජ තෙල් හා ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පියවරගෙන ඇති බවත් රජය කියයි.
http://www.divaina.com/2012/02/17/news17.html
No comments:
Post a Comment