Monday, August 8, 2011

වස විසෙන් තොර ධාර්මික ගොවිතැනක් සඳහා පෙළගැසෙන මහජන ප්‍රතිඥාව (06-08-2011)

''සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා" (සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා) යන මැයෙන් වස විසෙන් තොර ධාර්මික ගොවිතැනක් සඳහා පෙළගැසෙන මහජන ප්‍රතිඥාව අගෝස්තු මස 6 වැනි දින සවස සෝමාවතී චෛත්‍ය රාජයානන් අභියස දී ලබා දෙන ලදි. 

''වස විස නිසා අපේ ඇල, දොල, ගංඟා, වැව්-අමුණු, මහ පොළොව, ගහ-කොළ දූෂණය වන අතර, විසිදහසකට අධික වකුගඩු රෝගීන් මරා දැමූ, තවත් දස දහස් ගණනක් මරණයට දින ගනිමින් සිටින මේ මොහොතේ ධාර්මික ගොවිතැනක් සඳහා අපි සැවොම එක්වෙමු. අධිෂ්ඨාන කරමු.'' යනුවෙන් මෙහි දී රැස්ව සිටි පිරිස ප්‍රතිඥා ලබා දුන්හ.  

මේ ප්‍රතිඥාව ලබා දීම සිදුකරන ලද්දේ ධාර්මික ගොවිතැන සඳහා ජාතික ව්‍යාපාරය විසින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ මඟපෙන්වීමෙනි. 

මේ හා සමඟාමීව රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින්දීම හා රටට සෙත්පැතීමේ අරමුණින් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් ද පවත්වන ලදි. 

 උප ප්‍රධාන සංඝනායක උඩකැන්දවල ශ්‍රී චන්ද්‍රවිමල හිමිපානන් විසින්  සංවිධානය කරන ලද ප්‍රතිඥාව ලබා දීමේ අවස්ථාවට දහස් ගණනක පිරිසක් සහභාගි වූහ

“May all living beings be healed” – a public pledge for Dharmic agriculture

A large gathering of the public took pledged that “we will unite and determinate to practice Dharmic agriculture at a time toxic chemicals have polluted our streams and rivers, tanks and anicuts, land and plants and caused death for around twenty thousand of people and made thousands more towards their deathbed”.

This public pledge was given in the afternoon of 6th August at the site of Somavathi temple, a highly venerated and ancient Buddhist temple.

This was organized by the National Movement for Dharmic Agriculture and guided by Ven. Aturaliye Ratana Thero.  It was organized by Ven. Udakendawala Sri Chandrawimala Thero. 





























ඡායාරූප- ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයෙනි

No comments:

Post a Comment