කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්
දුම් පරීක්‍ෂණය සඳහා 2010 වසර තුළදී ඉදිරිපත් කළ වාහන 433,108 ක් එම පරීක්‍ෂණයෙන් අසමත්ව ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ කුමාර දිසානායක මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එම වසරේදී රථවාහන 26,68,645 ක් දුම් පරීක්‍ෂාව සඳහා ඉදිරිපත්ව ඇතැයිද කී නියෝජ්‍ය ඇමැතිවරයා අසමත් වූ වාහන සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට 16.22% ක් බවද කීය.
දුම් පරීක්‍ෂාව මගින් 2010 වසරේදී රජය රුපියල් දහතුන් කෝටි හැට දෙලක්‍ෂ විසිපන් දහස් අටසිය විස්‌සක ආදායමක් උපයා ඇතැයිද කී නියෝජ්‍ය ඇමැතිවරයා දිවයින පුරා ස්‌ථාන 231 ක් දුම් පරික්‍ෂාවට පිහිටුවා ඇතැයිද කීය.
කුරුණෑගල දිස්‌ත්‍රික් මන්ත්‍රී (එජාප) දයාසිරි ජයසේකර මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.
http://www.divaina.com/2011/08/11/news27.html
No comments:
Post a Comment