Sunday, August 7, 2011

ආවරණය නොකළ ආහාර විකිණුවාට දඩ

දූවිලි බැඳීමට සහ මැස්සන්ට වසා සිටිය හැකි පරිදි ආවරණ කිරීමෙන් තොරව කෑම වර්ග අලෙවි කළ පාණදුර හේනමුල්ලේ භෝජන ශාලාවක් පවත්වාගෙන ගිය පුද්ගලයකුට පාණදුර මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් රුපියල් තුන් දහසක දඩයක් නියම කරන ලදී.

කෙසෙල්වත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක මහේෂ් මහතා කෙසෙල්වත්ත නගරයේ හෝටල් පරීක්ෂා කිරීමේ මෙහෙයුමකදී මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන පාණදුර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

No comments:

Post a Comment