Tuesday, August 9, 2011

වරායේ රඳවා ඇති සිමෙන්ති ගෙන්වා ඇත්තේ ප්‍රමිති සහතිකය අත්හිටුවා ඇති ආයතනයක්


ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය


දැනට ජනමාධ්‍යයන් මගින් ප්‍රචාරයට භාජනය වී ඇති කොළඹ වරායේ ගොඩගැසී ඇති සිමෙන්ති තොගය ගෙන්වා ඇත්තේ එස්. එල්. එස්. ප්‍රමිති සහතිකය තාවකාලිකව අත්හිටුවා ඇති ආයතනයක් බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රකාශ කරයි.

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එල්. එන්. සේනවීර මහතා ප්‍රකාශ කරනුයේ ශ්‍රී ලංකාවට විවිධ රටවලින් කිලෝ පනහේ සිමෙන්ති බෑග් වශයෙන් ආනයනය කර බෙදා හැරීමට සහ විකිණීමට එස්. එල්. එස්. ලාංඡනය අනිවාර්ය කර ඇති බැවින් එම සිමෙන්ති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂාවට නිරන්තරයෙන් භාජනය කළයුතු බවයි. සිමෙන්තිවල තත්ත්වය අදාළ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරය වන ශ්‍රී ලංකා ප්‍රමිති 107:2007 ට අනුකූලදැයි පරීක්ෂාවට ලක් කරන අතරම එස්. එල්. එස්. ලාංඡනය ලබාගෙන ඇති වෙළෙඳ නාමයට අදාළ සමාගමෙන් ප්‍රශස්ත ක්‍රියාවලියද ඇගයීමට ලක් කරන බවද ඒ මහතා පැවසීය.

ප්‍රමිති ආයතනය සෑමවිටම අදාළ ක්‍රමවේදයන්ට අනුව එස්. එල්. එස්. ලාංඡන ක්‍රමය විනිවිද භාවයකින් යුතුව ක්‍රියාවට නංවන බව මෙහිලා සඳහන් කරමු.

No comments:

Post a Comment