අමිල ප්‍රභාත් වනසිංහ
ගල්නෑව පොලිස් වසමේ සත්සරගම විදුහලේ හතර වැනි ශ්‍රේණියේ පන්ති කාමරයට ඊයේ (13) උදෑසන හදිසියේම “කිඹුලකු පැමිණීමෙන්” එම විදුහලේ ළමයින් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයට පත්ව ඇතැයි වාර්තාවේ.
අඩි හතක් (7) පමණ දිගැති මේ විශාල කිඹුලා නිසා එහි ඉගෙනුම ලැබූ ළමයින් 30 ක් පමණ දැඩි භීතියට හා කලබලයට පත්ව ඇත.
පසුව මේ පිළිබඳ ගල්නෑව පොලිසියට දැනුම් දීමෙන් පසු එම පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. බී. ගන්දරවත්ත මහතා ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කිඹුලා අල්ලා පන්තිකාමරයෙන් පිටතට ගැනීමට සමත් ව තිබේ.
සත්සර ගම විදුහල අසල පිහිටා ඇති වැවෙහි ජලය අඩු වී ඇති හෙයින් එහි සිට මේ කිඹුලා පැමිණෙන්නට ඇතැයි ද පොලිසිය සැකකරයි.
අල්ලාගනු ලැබූ මෙම කිඹුලා වනජීවි නිලධාරින්ට බාර දීමට කටයුතු කරනු ලැබූ බවද පොලිසිය කියයි
http://www.dinamina.lk/2011/09/14/_art.asp?fn=n1109146
No comments:
Post a Comment