Friday, September 23, 2011

පොතුපිටිය-ඉලුඹකන්ද මඟ ඉදිවන්නේ සිංහරාජයේ ඉඩමක නොවේ

- රත්නපුර දිසා වන නිලධාරී එන්. පී. රාජදොරේ

රත්නපුර විශේෂ වාර්තාකරු

කලවාන ආසනයට අයත් පොතුපිටිය සිට ඉලුඹ කන්ද දක්වා ඉදිකරන මාර්ගය ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතය මැදින් හෝ රක්ෂිතයට අයත් ඉඩම් කොටසකින් ඉදිවන මාර්ගයක් නොවේ යයි රත්නපුර දිසා වන නිලධාරී පාලම කුඹුර මහතා 20 දා පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පිළිතුරු දෙමින් කියා සිටියේය.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්විණි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හා කලවාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ජානක වක්කුඹුර මහතා සභාපතිතුමන් ලෝක උරුමයක් වූ සිංහරාජ වනාන්තරය මැදින් මාර්ගයක් කපමින් විශාල වන විනාශයක් කරන බවට එම ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයා හැටියට විශාල මඩ ප්‍රචාරයක් මට විරුද්ධව ගෙන යමින් පවතිනවා. සිංහරාජ වන රක්ෂිතයට යාබදව ඉදිවන මෙම මාර්ගය සිංහරාජයට හානියක් වන පරිදි ඉදිවනවාද නැද්ද යන්න රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හමුවේ පැහැදිලි ප්‍රකාශයක් රත්නපුර දිස්ත්‍රික් වන නිලධාරිවරයාට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිනවා.

රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැතිවරයා ජානක වක්කුඹුර මහතා කරන ලද ඉල්ලීමට සම්බන්ධ කාරණය අද රත්නපුර දිස්ත්‍රික්කයට පමණක් නොව රජයටත් මුළු රටටත් බලපාන ප්‍රශ්නයක් වී තිබෙනවා. එම නිසා කලවානේ ඉදිවන මෙම නව මාර්ගය සිංහරාජ රක්ෂිතයට අයත් ඉඩම මැදින් ඉදිවනවාද නැද්ද යන්න සභාව දැනුවත් කරන ලෙස රත්නපුර දිස්ත්‍රික් වන අඩවි නිලධාරීවරයාගෙන් ඉල්ලා සිටියේය.

රත්නපුර දිස්ත්‍රික් වන අඩවි නිලධාරී පාලම කුඹුර මහතා කලවාන පොතුපිටිය හරහා ඉලුඹකන්ද දක්වා ඉදි කරන මාර්ගය ඉදි කරනු ලබන්නේ ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයට අයත් ඉඩම් කොටසේ නොවෙයි. 1994 වර්ෂයේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් මේ ඉඩම සිංහරාජ රක්ෂිතයට පවරා ගන්නා ලෙස ගැසට් නිවේදනයක් තිබුණත් මේ දක්වා පවරා ගැනීමක් සිදු කර නැහැ. ඉදිරියේදී පවරා ගැනීම් සඳහා කටයුතු කරගෙන යනවා. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා විශාල මඩ ප්‍රචාර යවමින් කතා කරන පොතුපිටිය කැනිල්ලපිටිය ඉලුඹකන්ද දක්වා ඉදි කරන මාර්ගය ඉදි කරනු ලබන්නේ ලෝක උරුමයක් වන සිංහරාජ රක්ෂිතයට අයත් ඉඩම් කොටසේ නොවේ. මාර්ගය ඉදි කරනු ලබන්නේ පෞද්ගලික ඉඩමක ජනතාව පදිංචිවී සිටින කොලනිය හරහායි.

දිසා වන නිලධාරී මහතා පැවසූ පරිදි 1994 වර්ෂයේදී සිංහරාජ රක්ෂිතයට පවරා ගැනීමට ගැසට් කර තිබුණත් මේ දක්වා පවරා ගැනීමක් නොකර ඇති ඉඩමකද නොවෙයි. සිංහරාජ රක්ෂිතයට යාබදව පිහිටි (ලොලනියේ) පවුල් 60 ක් තේ වගා කරමින් ජීවත් වනවා. යන්න එන්න හරියට මාර්ගයක් නැහැ. දැනට ඉදි කරගෙන යන මාර්ගය කිලෝමීටර් 13.4 ක් දුරින් යුක්තයි.

මේ වන විට කිලෝමීටර් 10 ක් පමණ ඉදි කර අවසානයි. තව ඉදි කිරීමට තිබෙන්නේ කිලෝමීටර් 3.4 ක් පමණයි. පාර ඉදි කිරීම් ආරම්භ කළ මුල් අවදියේ විරුද්ධ නොවූ අය අද විරුද්ධ වීම පුදුම සහගතයි. මේ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට නව රත්නපුර දිස්ත්‍රික් ලේකම් එච්. බී. කමල් පද්මසිරි මහතා ඇතුළු රජයේ ආයතනවල නිලධාරීහු සහභාගි වූහ.


http://www.dinamina.lk/2011/09/23/_art.asp?fn=n11092310

No comments:

Post a Comment