Sunday, September 18, 2011

ජීවිත දවන ‘සුදු බීඩි’ රටපුරා පැතිරෙයි

‘සුදු බීඩි’ නම් නීති විරෝධි දුම්කොළ නිෂ්පාදනයේ යෙදෙන ජාවාරම්කරුවන් පසුගිය වසර දෙකේදී රුපියල් මිලියන 400 සිට රුපියල් මිලියන 700 දක්වා වූ මුදලක් උපයා ගැනීමට සමත් ව සිටින බැව් අනාවරණය වෙයි.

අඩු ආදායම්ලාභීන් හා ග්‍රාමීය ජනතාව අතර මේ සුදු බීඩි උවදුර වේගයෙන් ව්‍යාප්ත වීමට එක් හේතුවක් වී ඇත්තේ එය මිලෙන් අඩුවීම බවත් වාර්තා වේ.

ඉතා බාල තත්ත්වයේ දුම්කොළ යොදා නිපදවන මේ සුදු බීඩි හේතුකොට ගෙන බරපතළ සෞඛ්‍යාබාධ හටගන්නා අතර දුම්පානය හේතුවෙන් පිළිකා, හෘදයාබාධ යනාදී මාරාන්තික රෝගයන්ට ගොදුරු වන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවත් සඳහන් වේ. සුදු බීඩි වෙළෙඳනාම 140 කින් වෙළෙඳපොළේ පවතින බවටත් තොරතුරු අනාවරණය වේ


http://www.silumina.lk/2011/09/18/_art.asp?fn=aa11091810

No comments:

Post a Comment