Wednesday, September 21, 2011

ජල විදුලි නිෂ්පාදනය අඩු වුවත් අඛණ්‌ඩව විදුලිය සපයනවා

- විදුලිබල මණ්‌ඩල සභාපති

ශිරාන් රණසිංහ

ජල විදුලි නිෂ්පාදනය සියයට දහය පමණ දක්‌වා අඩු වී තිබුණ ද තාප විදුලි බලාගාර සහ සංරක්‌ෂණ ජලය භාවිතාකොට වැස්‌ස ලැබෙන තෙක්‌ අඛණ්‌ඩව විදුලි බලය ලබාදෙන බව විදුලිබල මණ්‌ඩල සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා "දිවයින" ට පැවසීය.

මෙම මාසය අවසන් වනවිට හෝ ලබන මස මුල් සතියේදී අන්තර් මෝසම් වැසි ලැබෙතැයි විශ්වාස කරන බවත් එතෙක්‌ අඛණ්‌ඩව විදුලිය ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් සභාපතිවරයා කීවේය.

කොත්මලේ ජල විදුලි බලාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක්‌ සිදුවන බැවින් එහි විදුලි නිෂ්පාදනය නතර කර ඇතැයි ද වික්‌ටෝරියා ජලාශයට මාසයක කාලයක සිට වැසි පතිත නොවූ බව ද විදුලිබල මණ්‌ඩලයේ ප්‍රකාශකයෙක්‌ මේ අතර සඳහන් කළේය.

කෙසේ වෙතත් නොරොච්චෝල, කෙරවළපිටිය හා විදුලිබල මණ්‌ඩලයට අයත් තාප විදුලි බලාගාර සහ පුද්ගලික ඩීසල් විදුලි බලාගාර මගින් රටට අවශ්‍ය විදුලිබලය නිපදවන බවද එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.

http://www.divaina.com/2011/09/21/news05.html

No comments:

Post a Comment